custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

අත්‍යවශ්‍ය සේවා සඳහා දෛනිකව විවිධ වර්ණ සහිත ස්ටිකරයක්

custom_html_banner1
Spread the love

කොළඹ නගරයට පැමිණෙන අත්‍යවශ්‍ය සේවා වාහන හඳුනාගැනීමට ඊයේ (ජූනි 2) දින පොලිසිය ⁣හඳුන්වා දුන් ස්ටිකර් ක්‍රමය අද (ජූනි 3) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නමුත් එලෙස ඊයේ දින ලබා දුන් ස්ටිකරය භාවිත කර අද දිනයේදීත් ගමන් කළ නොහැකි බවත් අද දිනයේදී වෙනත් වර්ණයකින් යුතු ස්ටිකරයක් ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අද දිනයේදී කොළඹට පැමිණෙන ස්ථාන 52 කදී මේ ආකාරයට වාහන පරික්ෂාවට ලක් කර ස්ටිකර් ලබා දීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබේ.

ඒ අනුව, හැඳුනුම්පත සහ අදාළ සේවා ආයතනයේ ප්‍රධානියා ලබාදුන් ලිපිය ද සමග අත්‍යවශ්‍ය සේවා සේවකයන්ට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button