custom_html_banner1
ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්

කොරෝනා නිසා අත්හිටවූ 2021 IPL තරගාවලිය ගැන ගත් තීරණය

custom_html_banner1
Spread the love

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරිව ඇති තරග ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම තරගාවලිය පසුගිය මැයි 4 වන දා අත්හිටුවනු ලැබුවේ, ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලින් තහවුරු වීමත් සමගය.

තරගාවලියේ ඉතිරි තරග ඉන්දියාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ, සැප්තැම්බර් මාසය වන විට ඉන්දියාවට මෝසම් වැසි සමය ආරම්භ වන හෙයිනි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, IPL තරගාවලියේ ඉතිරි තරග පැවැත්විය යුතු බවට ඒකමතිකව තීරණය වූ බවය.

තරගාවලියේ තවත් තරග 31ක් පැවැත්වීමට ඉතිරිව තිබේ.

කුමුදු ජයවර්ධන
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button