custom_html_banner1
දේශීය පුවත්

ලබන ඉරිදා සිට කොවිඩ් එන්නත් මිලියන ගණනක් ශ්‍රී ලංකාවට

custom_html_banner1
Spread the love

ඇමෙරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයක් ලබන ජූලි මස ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

Pfizer එන්නත් මාත්‍රා මිලියන 5ක් මෙම වසර තුළ මෙරටට ලබා දෙන බව ඇමෙරිකාව තහවුරු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (ජුනි 2) පැවති මාධ්‍ය හමුවකදී ය.

තව ද චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා මිලියන 2ක් ඉදිරි සතිය තුළ මෙරටට ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

එම එන්නත් තොග චීනයෙන් මිල දී ගැනීම් වශයෙන් ලබා ගන්නා අතර ජූනි 6 වන දා Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් සහ ජූනි 9 වන දා තවත් මාත්‍රා මිලියනයක් චීනයෙන් මෙරටට ලබා දීම සඳහා නිදහස් කළ හැකි බවට එරටින් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව අමාත්‍යවරයා පැවසුවේ, Johnson & Johnson එන්නත මෙරටට ගෙන්වීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මූලික සාකච්ඡා නිමා කර ඇති බවත් තවත් සති කිහිපයක් ඇතුළත එම එන්නත ද මෙරටට ගෙන්වා ගත හැකි වේ යැයි යනුවෙනි.

තව ද චීනයේ නිෂ්පාදිත Sinovac එන්නත මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා පවත්වා ඇති බවත් එම එන්නත මෙරට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික වැඩ කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

custom_html_banner1

අමාත්‍යවරයා පැවසුවේ, රුසියාවේ නිෂ්පාදිත Sputnik-V එන්නත් මෙරටට නැවත ලබා දෙන දිනය සහ තවත් කොපමණ ප්‍රමාණයක් මෙරටට ලබා දෙනවා ද යන තොරතුරු අද හෝ හෙට දින එරටින් දැනුම් දේ යැයි බලාපොරොත්තු වන බව ය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button