custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

භාතිය The Voice – Knockouts මැදිරියට ඒම ප්‍රතික්ෂේප කරයි?

custom_html_banner1
Spread the love

පසුගියදා සිදුකෙරුණු The Voice – Knockouts පටිගතකිරීම් සදහා භාතිය ජයකොඩි මැදිරියට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.මීට දින කිහිපයකට පෙර Covid රෝගය වැලදුණු භාතිය තරමක් අසාධ්‍ය තත්වයේ සිටි අතර මේ වන විට ඔහු සුවය ලබා තිබෙනවා.

පසුගිය සති තුනක කාලය තුල ද වොයිස් වැඩසටහනේ විකාශන කටයුතු සිදු නොවුනු අතර එලබෙන ජුනි 6 සෙනසුරාදා සිට නැවතත් සුපුරුදු පරිදි විකාශය ආරම්භ වීමට නියමිත බවද වාර්තා වනවා. ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති සහ ජාත්‍යන්තර වැඩසටහන් අයිතිය හිමි ITV ආයතනයෙ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව පටිගත කිරීම් සිදුවූ බව සදහන්.

කෙසේ වෙතත් තරගය සදහා පුහුනුකරුවන් ලෙස සහභාගී වන භාතිය – සන්තුෂ් දෙපල සුපුරුදු ලෙස මැදිරියේ සිට තම විනිෂ්‍ය කටයුතු සිදු නොකරන බවයි වැඩිදුරටත් සදහන් කර තිබුනේ.

 

 

custom_html_banner1

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button