custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

කොවිඩ් ආරම්භ වූ චීනයෙන් තවත් උණ වසංගතයක් – ලෝකයේ පළමු රෝගියා වාර්තාවෙයි (VIDEO)

custom_html_banner1
Spread the love

H10N3 නම් දුර්ලභ කුරුළු උණ රෝගය සෑදුණු ලෝකයේ පළමු රෝගියා වාර්තා වී තිබෙනවා. ඒ 41 හැවිරිදි චීන ජාතිකයෙක්.

චීන ජාතිකයාට ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව එරට නිලධාරීන් තොරතුරු ලබාදී නොමැති නමුත් H10N3 කුරුළු උණ රෝගය පහසුවෙන් මිනිසුන්ට පැතිරීමක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරළේ.

පසුගිය සතියේ රෝග විනිශ්චය කළ ජියැන්ග්සු පළාතේ පදිංචිකරුවෙකු මේ වන විට සුවය ලබා ඇති බවද BBC පුවත් සේවය සඳහන් කර තිබෙනවා.

ෂෙන්ජියැන්ග් නගරයේ පදිංචිකරුවෙකු අප්‍රේල් 28 වන දින රෝහල් ගත කර ඇති අතර මසකට පසුව H10N3 රෝගයෙන් පෙළෙන බව සොයා ගත් බවයි බීජිං හි ජාතික සෞඛ්‍ය කොමිසම (HNC) සඳහන් කර තිබෙන්නේ.

කෙසේවෙතත් “මේ අවස්ථාවේ දී කුරුළු උණ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා තිබෙන්නේ.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button