custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

කොවිඩ් සහ Black fungus වලින් බැට කන ඉන්දියාවට White fungus මාරයාත් අඩිය තබයි

custom_html_banner1
Spread the love

මාරාන්තික දිලීර විශේෂයක් වන Candida auris හෙවත් White fungus ආසාදනය වූ පුද්ගලයෙකු ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

නැගෙනහිර ඉන්දියාවේ, කොල්කටා නගරයේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන් එම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු පසුගිය මැයි මාසයේ කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කළ අයෙකි.

ඒ අනුව, දැඩි සත්කාර ඒකකයේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව සුවය ලබා නිවසට යාමට සූදානම් වන අවස්ථාවේ දී ඔහුට Candida auris හෙවත් White fungus ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත.

අදාළ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමත් සමග ඔහු වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති අතර කොවිඩ්-19 හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයින්ට ලබා දෙන ස්ටෙරොයිඩ් ඖෂධ ද ඔහුට ලබා දී තිබේ.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙම ස්ටෙරොයිඩ් ඖෂධ ප්‍රතිශක්තිය අඩු කරන බවත් රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන බවත් ය.

“කොවිඩ්-19 දෙවන රැල්ලේ රෝගීන්ගේ වැඩි වීමක් අපට පේනවා. දැඩි සත්කාර ඒකකවල රෝගී පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අධික ස්ටෙරොයිඩ් මාත්‍රා ලබා දෙනවා. මේකට හේතුවෙන් එය විය හැකියි,” එරට බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඕම් ශ්‍රීවස්තව ප්‍රකාශ කර ඇත.

custom_html_banner1

මොකක් ද මේ Candida auris හෙවත් White fungus?

Candida auri දිලීරය මීට දශකයට පමණ පෙර හඳුනා ගත් දිලීරයක් වන අතර එය ලෝකයේ බොහෝ රෝහල් වලින් හමුවන භයානක දිලීර වර්ගයක් ලෙස සැලකේ. බොහෝ විට රුධිරයේ ආසාදන ඇති කරන මෙම දිලීරය ලොව පුරා ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකකවලින් බහුලව හමු වන ක්ෂුද්‍ර ජීවී විශේෂයක් වන අතර එය ආසාදනය හේතුවෙන් මරණ 70%ක් පමණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Candida දිලීරයේ auris සහ albicans වශයෙන් විශේෂ දෙකක් විද්‍යඥයින් විසින් හඳුනා ගෙන ඇති අතර එම විශේෂ ද්විත්වය ම මාරාන්තික වේ. තව ද ලොව පුරා හඳුනාගෙන ඇති මිලියන 5කට අධික දීලීර වර්ගවලින් මරණ විශාල සංඛ්‍යාවක් ඇති කරන ප්‍රධාන දිලීරයක් ලෙස Candida දීලීරය හඳුනා ගෙන තිබේ.

Candida auris හෙවත් White fungus හමුවන්නේ කොහේ ද?

Candida දිලීරය නාන කාමර තිර රෙදිවල, පරිගණක තිරවල, වෛද්‍යවරුන් භාවිත කරන වෙද නලාවල මෙන් ම දුම්රිය ගමන් කරන රේල් පීලි මත ද පැවතිය හැකි වේ. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, C. auris දිලීරය බොහෝ විට රුධිරයේ ආසාදන ඇති කරන බවත් එය ශ්වසන පද්ධතිය, මධ්‍ය

ස්නායු පද්ධතිය මෙන් ම සමේ ද ආසාදන ඇති කරන බවය.

Candida auris/ White fungus රෝග ලක්ෂණ

Candida auris හෙවත් White fungus අසාදනය හඳුනා ගැනීමඅට ඇති රෝග ලක්ෂණ ද බොහෝ සෙයින් කොව්ඩ්-19 රෝග ලක්ෂණ වලට සමාන වන අතර උණ, කැස්ස සහ කෙටි හුස්ම ගැනීම වැනි රෝග ලක්ෂණ ඒ අතර වෙති. ශරීය මතු පිට ඇතිවන Candida ආසාදනය සුදු පැහැති මැලියම් ලෙස නාසයේ, මුඛයේ, ආමාශයේ, පෙනහළු වල මෙන් ම නියපොතු තුළ ද දැකිය හැකි වේ.

මෙම දිලීර ආසාදනය ඇති වීමට හේතු?

කොවිඩ්-19 වැළඳෙන රෝගීන්ගෙන් 5%කගේ පමණ රෝගී තත්ත්වය අසාධ්‍ය වන අතර ඒ හේතුවෙන් ඔවුන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා දීමත් සිදු කරනු ලබයි. විශේෂඥයින් පෙන්වා දෙන්නේ, දැඩි සත්කාර ඒකකවල වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිත කරන රෝගීන්ට සැම විට ම බැක්ටීරියා හෝ දිලීර ආසාදන ඇති වීමේ වැඩි අවදානමක් පවතින බවය.

තව ද කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැඩි සත්කාර ඒකකවල අධික රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබීම ද මෙම දීලිරය අසාදනය විමට ප්‍රධාන හේතුවක් වී ඇත. එමෙන් ම, රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම් වැඩි කාලයක් පැළඳ සිටීම, රෝගීන්ට දියර ද්‍රව්‍ය ලබා දීම ආදිය සඳහා නල භාවිතය වැඩි වීම, අත් සේදීමේ අනුකූලතාව අඩුවීම, පිරිසිදු කිරීමේ හා විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිතයේ වාර ගණන අඩු වීම ද මීට හේතුවී තිබේ.

මීට පෙර ඉන්දියාව පුරා Black fungus නම් මාරාන්තික දිලීරය ද පැතිර ගිය අතර ඉන් පුද්ගලයින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂය පත් විය.

අම්රා ලියාකත්
Source – Mabima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button