custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කපුරු මුවාවෙන් ගෙන්වූ මිලියන 5.5කට අධික කහ තොගයක් රේගු භාරයට –

custom_html_banner1
Spread the love

පිරිසිදු කපුරු ආනයනය කරන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ රුපියල් මිලියන 5.5කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 16000ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මේවා පෙට්ටි 507ක අසුරා තිබී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් රජයට අහිමි වීමට නියමිතව තිබූ බදු ආදායම රුපියල් පහලොස් ලක්ෂයකට අධික බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

කිලෝග්‍රෑම් 16,000ක් බරැති පිරිසිදු කපුරු පෙට්ටි 507ක් පවතින බවටයි ආනයනකරු රේගුවට ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර ආනයනකරුට එරෙහිව දඩ පැනවීම ඇතුළු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button