custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

5000 අද සිට – බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ටත් සහන යෝජනා

custom_html_banner1
Spread the love

සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත්වූ තෝරාගත් පවුල් වෙනුවෙන් රුපියල් 5000සේ දීමනාව ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා.

රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපාය පවත්වාගෙන යා නොහැකි පවුල් වෙත ද මෙම දීමනාව හිමි වනවා.

මේ සඳහා රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවයි සිය අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.

එක් පවුලක් වෙනුවෙන් එක් දීමනාවක් හිමි වන අතර සෑම මසකම 7 වන දා ගෙවනු ලබන සමෘද්ධි දීමනාවට අදාළ හිඟ මුදලත් සමග මෙම 5000සේ දීමනාව ලබාදෙනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් රුපියල් 5000සේ දීමනාව හිමි වන පවුල් වර්ගීකරණය කර ඇති ආකාරය සදහන් කර තිබුණා.

ඒ අනුව ඌන පූර්ණ ගෙවීම් මත රුපියල් 5000 හිමි වන පවුල් සානුකම්පිත දීමනාව හිමි වන පවුල් සහ දීමනාව සමීපූර්ණයෙන්ම හිමි වන පවුල් ලෙස එය වර්ගීකරණය කර තිබුණා.

ඒ අනුව වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර ලැබෙන පුද්ගලයින්ට එම දීමනාවට ඉතිරි මුදල් එක් කර 5000 දක්වා ගෙවනු ලබනවා.

custom_html_banner1

මධ්‍යම රජයෙන් ගෙවන අනෙකුත් දීමනා නොලැබී සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වකගඩු දීමනාව යන එක් දීමනාවක් පමණක් දැනට ලැබෙන විට ඔවුන්ට පමණක් සුවිශේෂී වන සේ රුපියල් 3000ක සානුකම්පිත දීමනාවක් ද ගෙවනු ඇති.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button