custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කුස තුළ මියගිය බිළිඳියට කොවිඩ්

custom_html_banner1
Spread the love

ගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.

ගැබනි මව දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇති අතර කුස තුලදි දරුවා මියගොස් ඇත. මිය යාමෙන් පසුව බිළිදියට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

ගැබනි මව බුස්ස මහමුදලිමාවතේ පදිංචිකාරියකි. ඇයට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලැබ යළි නිවසට පැමිණ ඇත. පසුව දරු ප්‍රසුතිය සඳහා මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇත. මෙකි ගැබනි මවගේ දරු දෙදෙනා හා සැමියා ද නිවස තුල නිරෝධායනයට ලක්කොට ඇත.

ජිනේෂ් නානායක්කාර
Source – Ada.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button