custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්විශේෂාංග

කුසේ ඇවිලෙන ගින්න නිවූ මිහිපිට දෙවිවරු

custom_html_banner1
Spread the love

සංචරණ සීමා පනවා තියෙන මේ මොහොත සමහරුන්ටනම් නිධානයක් හමුවුණා වගේ වෙන්න පුළුවන්. මොකද මේ කොරෝනා වසංගත තත්ත්වයත් ප්‍රයෝජනයට අරගෙන සමහරු අතමිට සරුකරගන්නවා. හැබැයි බොහෝ දෙනෙක් කුසගින්න පුරවගන්නවත් බැරිව අසරණ වෙලා ඉන්නවා කියන එක හුඟක් අයට අමතකයි.

කුලී වැඩක් කරලා ජීවත් වුණු හුගක් අය එදා වේල කෑවේ ඒ දවසේ වැඩ කරලා හම්බවෙන සල්ලිවලින්.

සමහර වෙලාවට ඒ මිනිස්සු කඩේකට ගිහින් බඩු ගන්නේ ඒ දවසට ඕන ටික. ඒ විදිහේ මිනිස්සු ගැන කවුරුත් නොහිතන වෙලාවක පුළුවන් උපරිමයෙන්ම ඒ කුසගිනි නිවන්න වෙර දැරූ පිරිසක් ගැන අපිට දැනගන්න ලැබුණා. ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග මේ පිරිස ගම්වලින් කොස් පොළොස් අල බතල වගේ දේවල් එකතු කරගෙන ඇවිත් බෙදලා දෙන්න කටයුතු කරලා තිබුණා.

ඒ ගැන ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට සටහනක්ද තබා තිබුණා. මහලොකු දෙයක් නෙවෙයි. මේ දිවුලපිටිය කටාන අවට ගම් වලින් එකතු කරගත්ත කොස් පොළොස් අල බතල. ඒවා ගමෙන් එකතු කරන් ඇවිත් මීගමුව නගරය අවට ජනජයගම, රවිරාජගම, සමෘර්ධිගම ගහක් කොලක් වවාගන්න ඉඩක් නොමැති ඕනෑම කෙකෙක්ට අරන් යන්න කියල පොදු ස්ථාන වල තිබ්බා.

ජංගම රථ නම් එනවා. ඒත් මිනිස්සුන්ගෙ අතේ පිච්චියක් නැතුව කොහොම ඒවගෙන් බඩු ගන්නද.

අපිට කියලත් කරන්න පුලුවන් තරමක් තියෙනවනේ. පුලුවන් අය වත්තෙ පිටියෙ තියෙන ගඩාගෙඩි හරි එකතු කරලා දෙන්න. කාටත් අමාරු මේ වෙලාවෙ අපි ගිහින් අවශ්‍යම අයට දෙන්නම්.

අපි වෙනුවෙන් අපිමනේ හිතවතුනි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button