custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

උලපනේ හිමි විසින් බැසිල්ට එරෙහිව නඩු පැවරීම පහත් නි’න්දි ත ක්‍රියාවක් – පොහොට්ටු පසුපෙළ කියයි

custom_html_banner1
Spread the love

යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම හරහා රට තුළ කොවිඩ් ව්‍යාප්ත කරවීමට කටයුතු කළේයැයි චෝදනා කරමින් උලපනේ සුමංගල හිමියන් විසින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීම පහත්, නින්දිත ක්‍රියාවක් බවත් එය තරයේ හෙළාදකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසයි.

ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

මාධ්‍ය නිවේදනය

මේ වන විට ලොව පුරා රටවල් 195ක ජනතාව කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් සිටියි.සමස්ථ ආසාදිතයින් ගණන ලක්ෂ 1800කට වැඩි ය.මේ දක්වා ලොව පුරා සිදු වී ඇති කොරෝනා ම;ර’ණ සංඛ්‍යාව 3510000කට වැඩි අතර මේ මොහොතේදීත් එය අවසන්ව නැත.

රටවල් 195ක කොරෝනා ව්‍යාප්ත වන විට කොරෝනා පිළිබඳ එකම නඩුව ශ්‍රි ලංකාවෙන් ගොනුකර ඇත.ඒ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිදුවන සමස්ථ කොරෝනා ම; ර’ණ වලට වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසිනි.

උන්වහන්සේගේ දේශපාලන පදනම සමස්ථ ‍රටම හදුනන අතර මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදීත් පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම ඉතාම නි’න්දි ත ක්‍රියාවකි. ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ශ්‍රි ලංකාව බව උන්වහන්සේ උදෘත කර ලෝකයට ප්‍රදර්ශනය කර ඇත.

මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

custom_html_banner1

ව්‍යාසනකාරී අභියෝගය ජයගෙන වැදගත් දේශපාලනයක යෙදෙමු.

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම
ආණ්ඩු පක්ෂය 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button