custom_html_banner1
දේශීය පුවත්

මාළු-ලුණු කන්න බය වෙන්න එපා, මහජනතාවට විශේෂ දැනුම්දීමක්

custom_html_banner1
Spread the love

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගි’ නි ගැනීමට ලක්වූ සැතපුම් විසි පහක ප්‍රදේශය තුළ මාළු ඇල්ලීමේ හෝ ලුණු නිෂ්පාදන කටයුතු සිදු නොකරන බැවින් වෙළෙඳපොළේ ඇති මාළු හෝ ලුණු ආහාරයට ගැනීම පිළිබඳව කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙස ‘නාරා’ ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්න මහතා මෙරට ජනතාවට දැනුම්දීමක් කරයි.

නෞකාව ගිනිගත් ප්‍රදේශයට ආසන්න පානදුර සිට කොච්චිකඩේ දක්වා ප්‍රදේශ තහනම් කලාපයක් බවට පත්කර තිබෙන නිසා මේ වනවිට වෙළෙඳපොළට ලැබෙන්නේ මාතර – පුත්තලම – හම්බන්තොට වැනි සැතපුම් ගණනාවක් අෑත ප්‍රදේශවල මාළු හා ලුණු බවද ඒ මහතා පවසයි.

එම නෞකාවෙන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් සාගරයට එක්ව තිබේ නම් ඒවා සැතපුම් විසි පහකට එහා නොයන බවද ඒ මහතා පැවැසීය.

රසායනික ද්‍රව්‍ය හෝ ඉන්ධන සැතපුම් විසිපහකට එහා නොයන නමුත් නැවෙන් ඉවත් වූ ප්ලාස්ටික් කැබලි ගාල්ල වැනි ප්‍රදේශවලට යා හැකි නමුත් මේ වනවිට සිදුකර තිබෙන පරීක්ෂණවලට අනුව එම ප්‍රදේශවල මාළුවන්ගේ ශරීරය තුළ ප්ලාස්ටික් කැබලි නොමැති බවට තහවුරු කරගෙන තිබෙන බවත් මහාචාර්යවරයා පැවැසීය.

තම ආයතනය මේ පිළිබඳව නිරන්තරව අවධානයෙන් සිටිමින් පරීක්ෂණ සිදුකරන බවද ඉදිරි වසර පහක කාලයක් දක්වා එම පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සභාපතිවරයා පැවැසීය.

මේ වනවිට එම නෞකාවෙන් විස සහිත රසායනික ද්‍රව්‍ය සාගරයට එක්ව ඇති බවට තහවුරු කරගෙන නොමැති බවද සාගර ජලයෙහි එවැනි රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බවට පරමාණු බලශක්ති අධිකාරිය සිදුකර තිබෙන පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබෙන බවද ඒ මහතා පවසයි.

Courtesy – Mawbima 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button