custom_html_banner1
විදෙස් පුවත්

ලෝකයේ ලස්සනම නම හිමි දියණිය සිත්පිත් නැති ගුරුවරුන් නිසා පාසල් යාම ප්‍රතික්ෂේප කරයි – (PHOTOS)

custom_html_banner1
Spread the love

සාම්ප්‍රදායික නමක් හේතුවෙන් පාසල් මිතුරන්ගෙන් සහ ගුරුවරුන්ගේ සමච්චලයට ලක් වන කුඩා දැරිවියක සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ සිදුවීමට මුහුණදී ඇත්තේ, නවසීලන්තයේ පදිංචි පස් හැවිරිදි Mahinarangi Tautu නම් දියණියක බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඇයගේ නමෙහි අර්ථය “අහසේ තිබෙන සඳ” වන අතර පාසලේ ගුරුවරුන් Rangi ලෙස ඇයට ආමන්ත්‍රණය කරන බව සඳහන්.
අදාළ සිදුවීම් හේතුවෙන් ඇය බොහෝ සේ දුක් වන බවයි ඇයගේ දෙමාපියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

Mahinarangi Tautuගේ නාමය පවසමින් පංතියේ දරුවන් විහිළු කරන බව ද ඇයගේ මව පවසනවා. කෙසේ වෙතත්, එම දියණිය එය නිවැරදි කිරීමට උත්සහා නොකරන බවත්, ඉන් දැඩි ලෙස ලැජ්ජාවට පත් වන බවත් Tautuගේ මව කියා සිටියා.

තම දියණියට ඇයගේ නමෙහි අර්ථය සෑම අවස්ථාවකදීම තමන් පවසන බවයි Mahinarangi Tautuගේ මව අවධාරණය කළේ.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම් හේතුවෙන් ඇය අවස්ථා කිහිපයක දී පාසල් යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන්.

එමෙන්ම අදාළ සිදුවීම හේතුවෙන් ඇය සිය ආත්ම ගරුත්වය අහිමි කරගෙන ඇති බවයි සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පෙන්වා දෙන්නේ…

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button