custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

තවමත් මිනිස්සුන්ට ගානක් නෑ, පාටි දානවා, විනෝද වෙනවා, කිසිම පරිස්සමක් නෑ – මම දවස් 4ක් යනකම් ICU හිටියෙ (VIDEO)

custom_html_banner1
Spread the love

පසුගියදා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී භාතිය ජයකොඩි ඔහුගේ අත්දැකීම හරි TV සමග යෙදුණු කතා බහකදී ඉදිරිපත් කළා.

ඔහු එහිදී පවසා සිටියේ,

“මට දැනුම් දුන්නා මම සහභාගී වුන රැස්වීමක කෙනෙක්ට පොසිටිව් කියලා. මට කිසිම රෝග ලක්ෂණයක් නැති වුනත් මම PCR එකක් කළා. ඒක නෙගටිව්, ඔහොම ඉද්දී අර කම්මැලිකම වගේ දැනෙන නිසා දවස් 7කින් තව PCR එකක් කළා. ඒකත් නෙගටිව්. ඉතින් මම සාමාන්‍ය පරිදි බොහොම පරිස්සමින් වැඩකරගෙන යද්දී ඔන්න ඊළඟට ආවා මට පොඩි කැස්සක්.

දැන් PCR දෙකක්ම නෙගටිව් හින්දා දන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් අරගෙන ගියා. කැස්ස වැඩි වෙන්න ගත්තා දවස් දෙකකින් විතර. පස්සේ සන්තුෂ් කිව්වා ඇඟේ ඔක්සිජන් බල මීටරයකින් චෙක් කරගන්න කියලා කෝකටත්.

ඒක බලද්දී ඔන්න අඩුවීගෙන යනවා. පස්සේ මම එවලෙම හිතවත් ඩොක්ටර් කෙනෙක්ට කතා කළාම කිව්වෙ රෝහල්වල ඉඩ නෑ, කෝකටත් ඉක්මනින්ම එන්න කියලා. ගිහින් එතනදී චෙක් කරලා බලද්දි ඔන්න පොසිටිව්. පස්සේ දවස් 4ක් පමණ යනකන් මම දැඩි සත්කාරේ. කොවිඩ් නියුමෝනියාවට හැරිලා. දැන් සිහිවෙනවා ‘එන්නෙත් තනියම යන්නෙත් තනියම නේද කියලා’. ඔන්න ඔහොම ඉද්දී එක දිගට ඔක්සිජන් දීලා දවස් 4කින් පමණ තමයි රිකවර් වෙන්න ගත්තේ” යනුවෙන් ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ, ” මම මේක කියන්නේ මම දැකලා තියෙනවා තවමත් මිනිස්සුන්ට ගානක් නෑ. පාටි දානවා, විනෝද වෙනවා, කිසිම පරිස්සමක් නෑ, කොවිඩ්වලට භය වෙන්න, පරිස්සම් වෙන්න” යනුවෙනි. එම වීඩියෝව පහතින්.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button