custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා සුරූපී වෛද්‍ය බිරිඳ සමඟින් දැන් ගෙවන ජීවිතේ

custom_html_banner1
Spread the love

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කාවිංග පෙරේරා කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියා විවාහ වුණේ සනායා කියන වෛද්‍යවරිය සමඟයි. ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ ජීවිතය ආදරෙන් සතුටෙන් විනෝදෙන් ගතවෙන බවක් තමයි කාවිංග සතුටින් කියන්නේ. ඉතින් ඒ වගේම කාවිංග කියන්නේ කවුරුත් දන්නා විදිහට තිරයේ පෙම්වතානේ ඉතින් කියන්න සතුටුයි සැබෑ ජීවිතයේ දීත් ඔහු හොඳ පෙම්වතෙක්.

ආදරණීය සැමියෙක් කියලයි ඔහු කියන්නේ. හැබැයි ආදරය කියලා කියන්නේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් කියලත් ඔහු කියනවා. නමුත් හැමෝම ආදරය තේරුම් ගන්න උත්සාහ කරමින් සිටින බවත් කාවිංග කියනවා. කාවිංග සහ සනායා විවාහ වන්නේ 2018 වසරේ ජනවාරි 8 වැනිදායි. වසර තුනක් ගත වුනත් එදා තිබ්බ ආදරේ ඒ විදහටම වෙනසක් නොවී ගොඩක් සතුටින් ආදරෙන් අදටත් ඉන්නවා කියලා තමයි ඔහු නම් කියන්නේ.

කාවිංග පෙරේරා පසුගිය වසරේ ජනප්‍රියම නළුවා වුන බව ඔබට මතක ඇතිනේ. නළුවෙක් වගේම දක්ෂ නිවේදකයෙක් තමා කාවිංග කියන්නේ. ඉතින් කාවිංග හිරු ටීවී නාලිකාවේ ජනප්‍රියම වැඩසටහනක් වන කොපි චැට් වැඩසටහන ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කරනවා ඔබත් දැකලා ඇති. කාවිංග කියන්නේ දේශපාලන පසුබිමක හැදුණ වැඩුණ කෙනෙක්.

නමුත් මේ වනතුරු කාවිංග දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් හිතලාවත් නැහැ. මිනිස්සු බොරුවට කෑගහලා මිනිස්සුම පත් කරගෙන ඊට පස්සේ කෑවෝ කෑවෝ කියලා විඳවනවාලු. මේ වගේ වාතාවරණයක් තියෙද්දී දේශපාලනය කරන්න මේක සුදුසු කාලයක් නොවන බව තමයි කාවිංග නම් කියන්නේ. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ගේ ආදරණීය ඡායාරූප පෙළත් පහලින් නරඹන්න අමතක කරන්නට එපා.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button