custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

බුකිය කැළඹූ චන්දිමාල් සහ පියුමි එක්ක, මහ රෑ හෝටල් කාමරයට ගිය සෙට් එකේ, අලුත්ම වීඩියෝව මෙන්න – (VIDEO)

custom_html_banner1
Spread the love

පසුගියදා කොළඹ තරු 5හේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 6දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි 5 දෙනෙක් සහ එක කාන්තාවක් වූ බවය.

මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ව ඊයේ (31) පොලිස් අත්අඩංගුවට පත්විණි.

පසුව ඔවුන් දෙදෙනා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබුණි.

ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී පෙරේදා (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඊයේ (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button