custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

චන්දිමාල්ගේ උපන්දින සාදය පැවැත්වීමට ඉඩ දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී

custom_html_banner1
Spread the love

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ පිහිටි තරුපහේ හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක් තුළ සිය උපන් දින සාදය පැවැත්වීමේ චෝදනාව මත රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරුණා.

එමෙන්ම එම උපන් දින සාදයට සහභාගි වූ තවත් 20 ත් 25 ත් අතර පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button