custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

දින 10 ඉක්මවූ, රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස් වෙත – යළි කොරෝනා පරීක්ෂණ අනවශ්‍ය බවටත් දැනුම්දීමක්

custom_html_banner1
Spread the love

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා. මේ අතර ඊයේ (31) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 2 912 ක් වාර්තා වූ අතර ඒ සමග මෙරටින් වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 86,363ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති අතර, එම සංඛ්‍යාව 490ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 322ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 260 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකට තැන්පත් කිරීම සඳහා රැගෙන ආ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට කොරෝනා වැළඳී තිබෙනවා.

මීට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර පොලීසිය මේ බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරියට දැනුම් දෙනු ලැබුවා. මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් සොයා දිවයින පුරා මාර්ග වල සිදු කරන පොලිස් පරීක්ෂණ අදත් ක්‍රියාත්මකයි.

මේ අතර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (01) මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබුවා. මහනුවර – වැව රවුමේ සංඝරාජ මාවතේ පිහිටි පෞද්ගලික හෝටලයක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය සඳහන් කළේ.

මේ දිනවල සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් අදාළ හෝටලයේ හිමිකරු තාවකාලිකව මෙය කොරෝනා ආසාදිත භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදී තිබෙනවා.

පසුව දළදා මාළිගාව ඊට අවශ්‍ය උපකරණ එක්කර ඇති අතර, ඒ අනුවයි අද එය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබුවේ. මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බවයි.

custom_html_banner1

කොරෝනා පරීක්ෂණයක් සිදු නොකර ඔවුන් එලෙස පිටත් කර යවන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

Source – Hiru News

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button