custom_html_banner1
දේශීය පුවත්

කුරුණෑගල පොලිසියේදී නගරාධිපතිගේ උපන්දිනය සැමරූ ASP ට මාරුවක්

custom_html_banner1
Spread the love

කුරුණෑගල පොලිස් පරිශ්‍රයේ පැවැති පිරිත් දේශනාවක් අතරතුර සංවිධානය කර තිබූ උපන් දින සැමරුමකට හා කේක් කැපීමේ උත්සවයකට එක්ව සිටි කුරුණෑගල ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයෙන් මාරුකර යැවීමට කටයුතු යොදා ඇත.

මොහු ස්ථාන මාරු කිරීම සඳහා අදාළ නිර්දේශ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ වන විට යොමුකර තිබේ. එමෙන්ම ඔහුට එරෙහිව විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශනයක්ද නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් විමර්ශනයක්ද සිදුකෙරෙනු ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වයඹ පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට ඊයේ (31දා) නියෝග කළේය.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයාගෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායමක් වහා කුරුණෑගල බලා පිටත්කර යැවීමටද පොලිස්පතිවරයා කටයුතු කළේය.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය මඟින් මෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශන මඟින්ද එදිනම ප්‍රචාරය කරනු ලැබූ අතර පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයාගේද අවධානය යොමුවිය.

පොලිස්පතිවරයාගේ නියෝග මත ඇරැඹි මෙම විමර්ශන දෙකේදී අදාළ පොලිස් නිලධාරීන් යම් වරදක් කර ඇති බව බැලූ බැල්මට පෙනී ගිය අතර සිද්ධියට සහභාගි වූ සහකාර පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියා කලාපය දැඩි නිරීක්‍ෂණය වී ඇත. මේ අනුව මෙම සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය සංග්‍රහය යටතේ මෙන්ම නිරෝධායන නීති යටතේද විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් නිලධාරීන්ට අමතරව ඊට සහභාගි වූ සිවිල් පුද්ගලයන්ටද එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

custom_html_banner1

පිරිතක් පැවැත්වෙන අවස්ථාවක මේ ආකාරයෙන් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පොලිස් දෙපාර්තමේන්තුව හෙළා දකින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

වයඹ පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත නිරෝධායන නීති උල්ලංඝනයට අදාළ විමර්ශනය සිදුකරන අතර විශේෂ විමර්ශන කාර්යාංශය විසින් මෙම සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනයක් සිදුකොට එහි ප්‍රතිඵල පොලිස්පතිවරයා වෙත ලබාදීමට නියමිතය.

සෙසු පුද්ගලයන්ට එරෙහිවද නිරෝධායන නීතිරීතිවලට අනුව විමර්ශනයක් සිදුකෙරේ.

කොවිඩ් වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාව පොලිස් පරිශ්‍රය ආසන්නයේදී පැවැත් වෙද්දී පෙරේදා (30දා) පස්වරුවේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණි අවස්ථාවේ එදිනට යෙදී තිබූ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් පොලිසිය විසින් සකස් කර තිබූ උපන් දින කේක් ගෙඩිය කැපීම පිරිත් සජ්¿ධායනාව සඳහා ඉදිකර තිබූ ස්ථානයේම මෙසේ සිදුවිය.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක, කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල අධිකාරි මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button