custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ළගම හිටිය යාලුවෙක් වල කැපුවා, කෞශිව ආයේ පැජන්ට් වල දකින්න ලැබෙන්නේ නැති වෙයි, විවාහක රු රැජිනක් වෙන්න හීනයක් තියෙනවා

custom_html_banner1
Spread the love

පසුගියදා තුර්කියේ නිමාවුණු ග්‍රෝන් ෆී සුප්‍රීම් නිරූපණ තරගාවලියේ ආසියානු කලාපිය දක්ෂතම නිරුපිකාව වූ කෞශි පෙරේරා ජයග්‍රහණයෙන් පසුව අපිට කතා කළා.

කෞශි කියන්නේ කවුද?

කෞශි කියන්නේ කිසිම කෙනෙක් එක්ක තරහක් නැති පොලවේ පයගහලා ඉන්න සාමාන්‍ය කෙනෙක්

ඔබේ පවුලේ විතර ටිකක් කියනවනම්?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි මමයි.

මොකක්ද මේ විදේශ තරගාවලිය

මම 2019 මිස් ටීන් ශ්‍රී ලංකා ජාතික තරගාවලියේ 3 වැනි ස්ථානය දිනාගත්තා. ඒක කලේ විශ්ව පෙරේරා.කොරෝනා අවධානම නිසා ගිය අවුරුද්දේ මෙම තරගාවලිය තිබුනේ නෑ.මේ අවුරුද්දේ මේ තරගාවලිය තිබුනා.ඒකේ මම ආසියානු කලාපිය දක්ෂතම නිරුපිකාව වුණා.මේ තමයි මගේ පළමු ජාත්‍යන්තර තරගාවලිය.

custom_html_banner1

මේ තරගාවලියට ඔබට අවස්තාව හිමිවුණේ කොහොමද?

මගේ පළමු ජාතික තරගාවලියෙන් පස්සේ මට විශ්ව පෙරේරා මුණගැහෙනවා.එතනින් තමයි මගේ ජිවිතේ වෙනස් වුනේ.හැබැයි ඒ වෙද්දී මම නවකයෙක් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ විශ්වගෙන්.ඒ කාලේ ඉදන් මට තිබුනේ මේ හිඉනය.මේ පැජන්ට් එක ජයග්‍රහණය කරන එක.2019 මගේ ජයග්‍රහණයත් එක්ක තමයි මට මේ තුර්කියේ තිබුණු පැජන්ට් එකට අවස්ථාව හිමිවෙන්නේ.මට තිබුනේ අපේ සංස්කෘතිය විදහා දක්වන ඇදුම් අදින්න.මම බතික් ඇදුමක් පවා ඇදලා ලෝකයට අපේ අනන්‍යතාවය පෙන්නුවා.

ඔබ නිරූපණ ක්ෂේතරයට එන්නේ කොහොමද

හෂාන් පන්නිල කියන ජායාරුප ශිල්පියා එක්ක කරපු ජායාරුප ඇල්බමයක් එක්ක තමයි මම මුලින්ම ජනප්‍රිය වෙන්නේ.ඒ එක්ක තමයි මට නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

නිරුපනය ඔබේ වෘර්තියද? ඔබ එය දකින්නේ කෙසේද?

මම ටිකක් සංවේදී කෙනෙක්.කොහොමත් මට බොරු දේවල් පේන්න බැහැ.නිරූපණ ක්ෂේත්‍රයේදී මම බොහොම සැහැල්ලු කෙනෙක්.එක මගේ වෘතිය නෙමේ.මම මගේ පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා.

මේ සැබෑ වුනේ ඔබේ හීනයක්ද?

මෙහෙමයි හීනයක් කියන්නමත් බෑ.මටත් හිතුනා මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් දුර බලන්න.දැන් මම මගේ හීනය ජයගත්තා.කෞශිව ආයේ පැජන්ට් වල දකින්න ලැබෙන්නේ නැති වෙයි.

ක්ෂේත්‍රය ඇතුලේ කල්ලිවාදයක් තිබෙනවාද?

මට කාත් එක්කවත් තරගයක් නෑ.කල්ලිවාදය ගැන කතා කරනවානම් කල්ලි අතර නෙමේ ප්‍රශ්නය තියෙන්නේ.ඇතුලේ අයම තමයි අපිට වල කපන්නේ.

මෙවර තරගාවලියට යද්දී මොකද වුනේ?

මම මේ විදෙස් තරගාවලියට සුදුසුකම් ලබලා තියෙද්දී මගේ ලගින්ම හිටපු යාලුවෙක් එම විදෙස් තරගාවලියේ සන්විදයකයන්ට මන් ගැන වැරදි දේවල් කියලා මාව නුසුදුස්සෙකු බවට ඒ රටට දැනුම් දීලා තිබුණා.ඒ වගේ දේවල් වලදී මම විතරක් නෙමෙයි අපේ රටත් අපහසුතාවයට පත්වෙනවා.විශ්වගේ මැදිහත්වීමත් එක්ක සහ මට ඒ වුණු මානසික වැටීම මත මට ඌන උනා කොහොම හරි මේක ජයග්‍රහණ කරන්න.ඉතින් මට ඒ වල කපපු මිතුරියටම මම ඒ සම්මානය පෙන්නුවා.

ඔබව ජනප්‍රිය වුනේ කොතනින් කියලද ඔබ හිතන්නේ.

ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ කාරනා දෙකක්.මට එහෙම කියලා විශේෂ දෙයක් කරන්න බැහැ.තමුන් කරන දෙඅල් අනුව තමයි මිනිසුන් අතර රැදෙන්නේ.

ක්ෂේත්‍රයේ මිතුරෝද හ’තුරෝද වැඩි?

යාළුවො ඉන්නේ කාලෙන් කාලෙට දැන්නම් ඉන්නේ සීමිත යාළුවො පිරිසක්.මට කාලය හරහා යන්න පුලුවන්නම් මම ඉස්සෙල්ලම කරන්නේ ඒ නරක ආශ්‍රය අත්හරින එක.මොකද ඒ නරක ඇය නිසා මම නොකළ දේවල් වලටත් අවලාද අහන්න වෙලා තියෙනවා.

මේ දවස් වල ගැලවෙන කිරුල ගැන අදහසක් තියෙනවද?

අපි හොමෝම කිරුළු දරන්න කැමති. නමුත් නුසුදුසු කෙනෙක්ට කිරුල යන්න අවශ්‍ය නැහැ.ඒත් ඒ කිරුල ගලවන විදිහක් තියෙනවා.මම හිතන්නේ ඒක එච්චර හොද කිරුල හුවමාරුවක් නෙමේ.

මේ කේෂ්ත්‍රයේ සමාජයේ උසුළු විසුළු වලට ලක්වන්නේ ඇයි?

ක්ෂේත්‍රය නාමයෙන් වෙන වැඩ නිසා තමයි මේ තත්වය උදා වෙලා තියෙන්නේ.ගොඩක් අය තමාගේ පෞද්ගලික කාරනා වලදී ක්ෂේත්‍රයට මුවා වෙලා වැරදි කරනවා.ඒ සුළු වැරදි ගොඩක් ඇය පිටින් යනවා.

වෘතිමය ජිවිතයේ ඔබට තියෙන බලාපොරොත්තු?

මට ජිවිතයේ ආයේ දිනන්න දෙයක් නෑ.මගේ හීනෙ මම දිනලා ඉවරයි.එතනින් එහාට මගේ වියාපාරය කරගෙන ජිවත් වෙන්න තමයි බලාපොරොත්තුව.විවාහක රු රැජිනක් වෙන්නත් මටත් පුංචි හීනයක් තියෙනවා.

චතුර රණසිංහ
පිනිපලස

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button