custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූඩුවක් වගේ දකින්න හොඳ නෑ, දෙකටම නිදහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා (VIDEO)

custom_html_banner1
Spread the love

අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක. ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගන්න. ආයුබෝවන් ඔබට. මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද?

”අඩි පහයි අඟල් පහ මාරයි….”

මේ ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හිතවතුන් හිතවතියන් කවුද?

”NGBC කියලා GROUP එකක් තියෙනවා අපේ. ඒක එකක් හැටියට ගත්තොත් ඒ NGBC GROUP එක තමයි මුලින්ම. ඒ GROUP එකෙන් පිට ඉන්න ජීවන් අයියා, දිල්හානි”

ඔබට උයන්න පුළුවන්ද?

”පුළුවන්.”

මොනවද රසටම උයන්න පුළුවන් ව්‍යංජන තුන?

custom_html_banner1

”කවුද කිව්වේ මට ව්‍යංජන උයන්න පුළුවන් කියලා මම කිව්වේ මට උයන්න පුළුවන් කියලා.”

හරි ඒනම් උයන්න පුළුවන් මොනාද?

” පැණි රස දේවල්, අතුරුපස. මට චොකලට් බිස්කට පුඩිං හදන්න පුළුවන්, milk toffee හදන්න පුළුවන්,”

ඔබ ඉතාම රුවැති ජනප්‍රිය ශිල්පිණියක් ඒ කාලේ තරුණ නළුවෝ කී දෙනෙක් විතර පිටිපස්සෙන් ආවද?

”විවාහක නොවු හැම දෙනාම”

ඒ වගේම ඔබේ හිතේ පොඩි crush එකක් තිබිච්ච නළුවෙක් හිටියද ඒ කාලේ. කියන්න පුළුවන්ද.?

”ඔව්. නෑ ඕන නෑ. මගේ යාළුවෝ දන්නවා මම කිව්ව group එකත් දන්නවා. ඒ ඇති.”

ඔබේ ආදරණීය සැමියා ඔබව පිස්සු වට්ටන,කැමතිම නැති ගුණාංග තුනක් කියන්න බලන්න ?

”මගේ වැරැද්දක් තියෙනවා කියමුකෝ දිගින් දිගටම ඒ වැරුද්දම මට පෙන්නනවා, මම දන්නවා මම වැරදි කරනවා කියලා,මම මහතයි කියලා හිතමුකො සංගීතා gym යන්න, සංගීතා gym යන්න කියනවා මම යන්නේ නෑ. එතකොට එපා වෙනවා ඒක කරන්න හැබැයි ඉතිං මම දන්නවා එයා හරි කියලා නමුත් මම ආස නෑ. එයා හැමෙදේම හැඟීම් වලට නෙවෙයි මනසට තමයි ඉඩ දෙන්නේ. ඒක හරිම හොඳයි ජීවිතේ හැමතැනදිම, සැමියයි බිරිඳගෙයි තියෙන සම්බන්ධයටත් මේක යෙදෙව්වාම ටිකක් අසීරුයි ඒ දෙවනි එක. එයා ගෙදර කිසිම දේකට ඇඟිලි ගහන්නෙ නෑ. ඒක හොදයි හැබැයි මම ආසයි එයා කියනවනම්, චුට්ටක් හොයලා බලනවට. ගොඩක් හොයලා බලන්න ඕන නෑ. පවුලේ හැමදේම කරන්නේ මම”

උදේ පාන්දර තුනට CALL එකක් දිලා කතා කරන්න පුළුවන් යාළුවො තුන්දෙනා කවුද?

”ධනංජය, චන්න විජේවර්ධන, ශෙරින් අක්කිට කතා කරන්න පුළුවන් එයා නැගිටින්නෙ නෑ. කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එයාලා නැගිටින්නේ නෑ. ධනු මට බය නෑ මොකද උදේ 3ට එයා වැඩ කරනවා. තුන්වෙනි එක්කෙනා ලෂ්.”

මම දැන් ඔබට රංගන ශිල්පීන් පස් දෙනෙක් කියනවා. මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ සිට පහ දක්වා ඔබ නම් කරන්න ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්. හේමාල් රණසිංහ, රොෂාන් රණවන, අනූජ්, සාරංග, දිනෙත්.?

”මම දැකලා තියෙන බලලා තියෙන චිත්‍රපට වලින්. මුත් ඔවුන් දක්ෂ වෙන්න පුළුවන්. නමුත් මම දැකලා තියෙන විදිහට මම මෙ කියන්නේ. මුලින්ම සාරංග, හේමාල්, රොෂාන්, අනූජ්, දිනෙත්ව මම දැකලා නෑ”

දැන් අපි අහනවා ඒ ප්‍රශ්නෙම රංගන ශිල්පිණියන් ගැන. ශලිනි තාරකා, සමනලී ෆොන්සේකා, පබෝධා සංදීපනී, දුලානි අනුරාධා, උමාලි තිලකරත්න.?

”MY GOD. ඔයාට පිස්සුද. they are so talented. කරන්න ඕනම නිසා නැත්තම් මම මේ වගේ talent එකක් great කරන්නේ නෑ. හරිම talented පස් දෙනෙක් ඔයා මට කිව්වේ. හැබැයි මම දකිනවා සමනලීගේ විශේෂත්වයක් samanali has a graet at number one, මම උමාලිව දැකලා තියෙන්නේ එක පරාසයක විතරයි නමුත් මම changes දැකලා තියෙනවා ශලනිගේ, shalani has number two, මම ගොඩක් ටෙලිනාට්‍ය බලලා නැති නිසා චිත්‍රපට වලින් මම දැකලා තියෙන්නෙ ගින්දරි ඒ වගේ චිත්‍රපට තමයි ඒ නිසා i will put umali has number three, paboda has number four, දුලානිගේ මම දැකලා තියෙන්නේ එක චිත්‍රපටයයි දිනෙත්ට කරපු දේම අපි දුලානිටත් කරමු.”

මීළඟ ප්‍රශ්නය දක්ෂතා අනුව නෙවෙයි ඔබ කැමතිම ඒක විවිධාකාර හේතු නිසා වෙන්න පුළුවන්..මේ රංගන ශිල්පීන් පස් දෙනාගේ ඔබ කැමති අනුපිළිවෙල…රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා,සනත් ගුණතිලක මහතා,ජීවන් කුමාරතුංග මහතා,කමල් අද්දරාරච්චි මහතා,රංජන් රාමනායක මහතා…?

”ඊට වැඩිය ලේසි බෙල්ලේ තොන්ඩුවක් දාලා එල්ලුනානම්. මගේ කැමැත්ත කියන්නත් බෑ මොකෝ හිතේ තියෙන ගෞරවය, ආදරය,එක එක්කෙනාට වෙනස් උනාට මව hard කරලා තියෙන එක්කෙනෙක් ඔය පස්දෙනා ඇතුලේ ඉන්නවා, නමුත් ඒකත් මම කියන්න කැමති නෑ. නමුත අනිත් හතරදෙනා මම දන්නවා මාව කොයිවෙලාවෙත් යාළුවෙක් හැටියට පහලට දාලා නෑ. මං කිසිම දෙයක් කියන්නේ නෑ.”

ඒ ප්‍රශ්නෙම නිල්මිණි තෙන්නකෝන්,දිල්හානි අශොකමාලා,යශෝධා විමලධර්ම,සේමිනි ඉද්දමල්ගොඩ,දමිතා අබේරත්ත….?

”කැමති වන්නේ අපි ආශ්‍රය කරන මට්ටම අනුවනේ…අඩුවෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙ සේමිණීව තමයි රිදි රැයක් එකේද හම්බුවෙලා තියෙනවා,party වලදි හම්බුවෙනවා ඒත් එක ආශ්‍රයක් නෙවෙයිනේ….ඒනිසා එයා පහ….ඊට පස්සේ මම දමිතව දන්නවා පස්සේ ගෙනා මනමාලි මගේ තාත්තගෙ ටෙලිනාට්‍යයෙ රඟපාන්න ඉන්න කාලේඉදන්ම මම දමිතව දන්නවා එයා හරිම හොඳ ළමයෙක් නිල්මිණීව මම අඳුරනවා නමුත් දමිතට වඩා අඩුවෙන්…ඒ නිසා නිල්මිණි number four දමිතා number three,දිල්හානි number two,යශෝධා number….”

ඔබ කැමති විවාහයටද නැතිනම් දැන් තියෙන living together ද මොකක්ද අනුමත කරන්නේ…?

”අනිවාර්යෙන් විවාහය…living together හොදයි එවැනි මානසිකත්වයකින් හැදිලා තියෙනවනම්…මම හැදිලා එහෙම….මම විශ්වාස කරනවා ඕනම දේකට අපි වගකියන්න ඕන කියලා…ඕනම බැඳීමකට හෝ නිදහසකට….”

විවාහයට කලින් දෙදෙනෙක් ගැලපෙනවාද කියලා තීරණය කරන්න කැමතිනම්…?

”එක එක්කෙනා කැමති නැත්තම් දිගින් දිගටම වෙන් වෙවී යනවා…එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද….විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූඩුවක් වගේ දකින්න හොඳ නෑ…දෙකටම නිදහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා….”

සම්පූර්ණ වීඩියෝව පහතින්….

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button