custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අම්මගේ රූපය හා තාත්තගේ හඬ හිමි දක්ෂ ගායිකාව ලිහිණි හෙට්ටිආරච්චි

custom_html_banner1
Spread the love

නව පරපුරේ ඉන්න දක්ෂ ගායිකාවක් තමයි ලිහිණි හෙට්ටිආරච්චි කියන්නේ. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය විදිහට ඇයය ගායන වෘත්තියේදී විශාල වටිනාකමක් ලැබෙනවා. ඉතින් ගායක පරපුරකින් එන ඇගේ දක්ෂතාවය නම් උපරිමයි. ඒ වගේම ඇයට තාත්තගෙන් උරුම වුණ හඬ වගේම අම්මාගෙන් උරුම වුණ මනා ලස්සනක් තියෙනවා. ඉතින් ඇය සැබවින්ම සොඳුරු රුවැත්තියක්. ඉතින් ඇයට ලැබිලා තියෙන සුන්දරත්වය ඇගේ දක්ෂතාවයට ආභරණයක්. ඉතින් ඇය කියන්නේ සුන්දරත්වය තිබූ පමණින්ම කෙනෙකුට ගායන හැකියාව නොමැති නම් ගායිකාවක් විය නොහැකි බවයි. ඒ වගේම සුන්දරත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක් නිසා කොයි මොහොතේ ඔහෝ අපිට උරුම දේවල් නැති වෙයිද කියන්න බැරි නිසා ඇය හිතන්නේ සුන්දරත්වය ගැන ආඩම්බර නොවිය යුතු බවයි.

ඉතින් ඇය ඇයට ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කර ගන්න උදේ නැගිට්ට ගමන් ලොකු වතුර වීදුරුවක් බොනවාලු. ඒ වගේම ලිහිණි දවස ඇතුළත වතුර ලීටර් 3 ක් හෝ 4 ක් අතර අනිවාර්යෙන් බොනවාලු. තව ඇගේ ශරීරය ටිකක් උෂ්ණ ගතියක් තියෙන නිසා තැඹිලි, සව්, බාර්ලි වගේ දේවල් සතියකට කිහිප දවසක්ම ගන්නවාලු. ඒ වගේම එළවළු වර්ග අතරින් ලේ පිරිසිදු වෙන හා ඇඟට සිසිලස ගේන එළවළු වැඩිපුර ආහාරයට එකතු කර ගන්න උත්සාහ කරනවාලු. ඉතින් ඇයට නිතරම ඇගේ මව කරවිල, වැටකොළු, පතෝල, බණ්ඩක්කා වගේ එළවළු හදලා දෙන්න අමතක කරන්නේ නෑලු. ඒ වගේම සාමාන්‍යයෙන් කෑම වලට මැල්ලුමක් හෝ එළවළු සලාදයක් එක්කර ගන්නවා වගේම ඇය රෑට කෑම ගන්නේ හරිම අඩුවෙන්ලු. ඊට අමතරව ඇඟේ හැඩය පවත්වාගන්නත් කෑම පාලනය වගේම දිනපතා ව්‍යායාමත් කරන ඇය දිනක් හැර දිනක් දවසකට පැයක් විතර ඇවිදින්න පුරුදු වෙලා ඉන්නවාලු. ඒ වගේම ශරීරයේ නම්‍යශීලීත්වය ආරක්ෂා කර ගන්න විශේෂිත ව්‍යායාමත් කරනවාලු.

ඉස්සර ඇගේ මූණේ කුරුලෑ ගොඩක් තිබුණ හින්දා ඒ කාලේ දිගටම අමුකහ සහ කොහොඹ කොළ කොටලා මූණේ ගානවට අමතරව නිරතම වගේ කස්තුරි කහවලට මී පැණි බිංදු කිහිපයක් එකතු කරලා මුණෙයි, මුළු ඇඟේමයි ගානවලු. ඊට අමතරව නිවාඩු දවස්වලට ඇගේ සමේ පැහැපත් බව වැඩි කරගන්න කෝමාරිකා සහ මී පැණි මිශ්‍ර කරලා වගේම කෝපි කුඩුයි, කහ සහ මී පැණි සමේ ගාලා විනාඩි 20ක් විතර තියලා ශෝදලා පුරුද්දක් විදිහට රෝස වතුරත් මූණේ ආලේප කරනවාලු. ඒ වගේම ඇගේ කොණ්ඩෙට පුංචි කාලේ ඉඳලාම නීල්‍යාදී තෛලය හා පොල් තෙල් රත් කරලා විටමින් ඊ කරලක්, දෙකක් දාලත් ඔළුවේ ගාන්නවාලු.

ඊට අමතරව ඇය හැමදාම උදේ අවදි වුණාම අද දවස සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා හැම හවසකම බුදුන් වැඳලා අවසානයේ හිතවත් අහිතවත් සියලු සතුන්ට මෙත් වඩන නිසා මේ සිතුවිලිත් එක්ක ඇගේ හිතට පුදුමාකාර මානසික නිදහසක් ලැබෙනවාලු.

Source – Kotuwepaththare

01

custom_html_banner1

02

03

 

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button