custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සතොසින් භාණ්ඩ ඇනවුම් කිරීමට ක්ෂණික දුරකතන අංකයක්

custom_html_banner1
Spread the love

කොළඹ නගරයේ ස්ථාන 13 ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, යුද හමුදාවේ ට්‍රක් රථ 13 ක් ඒ සඳහා යොදවා ඇති බවයි. විශේෂයෙන් මහල් නිවාස සංකීර්ණ ආසන්නයේ වෙසෙන ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

මේ අතර අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන බව රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. සභාපතිවරයා පැවසුවේ ප්‍රාදේශිය ලේකම්වරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් කර ලබාදීම සඳහා සතොස ශාඛා විවෘතව තැබෙන බවයි

1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෙට(ජුනි 01) සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමිවේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button