custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගර්භනී මවුවරුන් ඉතා බරපතල අනතුරක – කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍ය මයුර දෙවොලගේ (VIDEO)

custom_html_banner1
Spread the love

අද වන විට රට ඇත්තේ මහා ව්‍යසනයක් අභියස බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය මයුර දෙවොලගේ මහතා සඳහන් කරයි.

ගර්භනී මවුවරුන් ඉතා බරපතල අනතුරක බවත් සියළු ගර්භනී මවුවරුනට කොවිඩ් වැළඳුණහොත් 500ක් ඉන් මියයනු ඇති බවත් ඒ මහතා කියා සිටී.

එනිසා ගැබිණි මවුවරුනට ඉක්මනින්ම කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවත් රටේ සෞඛ්‍ය අංශ ඒ සදහා සූදානම් කල යුතුව ඇතැයිද ඔහු පවසයි.

අද වන විට වෛද්‍යවරුන් සඳහා දත්ත ගබඩාවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ක්‍රමවේදයක් නැති බවත් පවසන ඔහු ලොව අකාර්යක්ෂම ආයතනයක් ලෙස මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය නම් කළ හැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button