custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

ලෝකයේ විශාලතම කලා පවුල වන සාමාජිකයන් සියයකට අධික හෙළයේ නිලි රැජිණගේ පවුලේ විස්තරේ

custom_html_banner1
Spread the love

සිංහල සිනමාවේ නිලි රැජිණ වශයෙන් හදුන්වන ඇය නමින් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා. 1968 තිස්ස ලියනසුරියගේ පුංචි බබා චිත්‍රපටයෙන් ඇරඹි සිනමා ජීවිතයට මේ වෙද්දී වසර 50ක් සම්පුර්ණ වෙලා හමාරයි. ඉතින් මෙම ෆොන්සේකා පරම්පරාවේ දැවැන්ත පවුල් ගස ක්‍රමයෙන් දළුලා වැඩුණු නිසා නිසැකවම මෙය ලොව ලොකුම කලා පවුල වනවාට කිසිදු සැකයක් නැත. එය එතරම්ම සුවිශාලය.

පරම්පරාවෙන් පරම්පරාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන් එකිනෙකා මේ කලා පවුලට සබැඳී වන්නේ කෙසේද කියා ක්‍රමානුකූලව සටහන් කරගෙන එද්දී නිළි රැජිනගේ නෑ පරපුර ගැන කතා කිරීම ලේසි පහසු නැත. ඉතින් ෆොන්සේකා පරම්පරාව නියෝජනය කරමින් අප කලා ලොවේ සිටින්නාවූ ජනප්‍රිය චරිත රැසකි.

තවත් අන්දමින් කිව්වත් ඔවුන් මෙම පවුල් ගසේ කීර්තිය තවත් තීව්‍ර කරන පිරිසකි. ඔබ හොඳීන් හඳුනන අප නිළි රැජින මාලනී ෆොන්සේකා අප සිංහල සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් එකී කිරුළ ඇයට හිමි වූයේ නිතැතිනි.

සහෝදර සහෝදරියන් එකොලොස් දෙනෙකුගෙන් යුතුවූ ෆොන්සේකා පවුලේ තුන්වෙනියා මාලනීය. මුල් යුගයේ වේදිකාවට දායක වෙමින් සිය රංගන හැකියාව විදහාලූ ඇය පුංචි බබා සිනමා පටයෙන් හෙළ සිනමාවට පය තැබුවේය. චිත්‍රපට දෙසීයකට ආසන්න සංඛ්‍යාවක රංගන දායකත්වය සැපයූ මාලනී දෙස් විදෙස් සම්මානයන්ගෙන් පිදුම් ලත් රංගන ශිල්පිනියක්. තවමත් රංගන කාර්යයේ නියැලෙන ඇය සිනමාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කර තිබෙනවා.

මාලනීගෙන් පසුව සිටින්නේ මහින්ද ෆොන්සේකායි. ඔහුගේ දියණිය හිරුණි ෆොන්සේකා ද අඩු වැඩි වශයෙන් රඟපෑමට එක්වූ බවද මෙහිදී අප මතක් කරන්නට කැමතියි. හිරුණි අන්තිම රැය සිනමාපටයේ රඟපෑවා. එමෙන්ම ආකාස කුසුම් චිත්‍රපටය ඔබට මතක නම්, එහි නිම්මි හරස්ගමගේ කුඩා කාලයට පණ පෙව්වේ මේ හිරුණිය.

නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකුවූ, නිශ්චල ඡායාරූප ශිල්පියෙකු, ලෙසින් කලා ලොව අංශ ගණනාවක් ස්පර්ශ කළ ආනන්ද ෆොන්සේකා මාලනියගේ ඊළඟ සොයුරායි. අභාග්‍යයකට ඔහු අද අප අතර නැත. අමරනාත් ජයතිලකයන්ගේ තිලක සහ තිලකා චිත්‍රපටයේ තිලකාගේ සොයුරාගේ චරිතය ආනන්ද රඟපෑ අන්දම මේ මොහොතේ ඔබේ මතකයට නැඟෙනු ඇත. එමෙන්ම එයා දැන් ලොකු ළමයෙක්, ටිකිරා, අනුපමා, වසන්තයේ දවසක්, මේජර් සර් වැනි චිත්‍රපට යන්නෙහිද ඔහු රඟපෑවේය. උමයංගනා චිත්‍රපටයෙ නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයද ආනන්දගේය.

ඔහු පුංචි තිරයට සම්බන්ධ වන්නේ කෙම්මුර නාට්‍ය නිර්මාණය කරමිනි. ආනන්දගේ දියණිය කවුද කියා ඔබ හොඳීන් දනී. ඇය සමනලී ෆොන්සේකාය. පාරාදීසේ සිනමාපටයේ ළමා නිළි චරිතයක් රඟමින් රංගනයට පිවිසි ඇය ක්ෂේත්‍රයේ කොයි කා අතරෙත් වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නේ අරුණ ගුණරත්න නිර්මාණය කළ සූර්ය විංශති ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් අනතුරුවයි.

custom_html_banner1

එහි සමනලී රඟපෑවේ අමා නමැති චරිතයකි. සමනලීගේ විවාහය සමගින් ෆොන්සේකා පරපුර තවත් නිළි පරම්පරාවකට නෑකම් කියන්නට පටන් ගනියි. ඒ ඇයගේ සැමියා වූ ඉන්ද්‍රචාප ලියනගේ නිසාය. ඉන්ද්‍රචාප යනු සම්මානනීය රංගනවේදී හේමසිරි ලියනගේගේ පුතණුවෙකි. ඉන්ද්‍රචාප කාලයක් කසුන් කල්හාර සමඟ ගී ගයමින් ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළේය.

ආදර මල් වල, අනන්තයට යන පාර දිගේ, තරු කැටයක් වී ඉන් කිහිපයකි. මේ පවුල් ගසට කසුන්ද එක්තරා පැත්තකින් සම්බන්දව සිටිනවා. ඒ අනුව බලන කල කසුන් ඉන්ද්‍රචාප නෑදෑයෝය, ඉන්ද්‍රචාප ගායකයකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසටද ප්‍රකටයි.

ඉන්ද්‍රචාපගේ අයියණ්ඩිය පියාණන් මෙන් ම සම්මානයට පාත්‍රවූ රංගන ශිල්පියෙකි. ඔහු මහාචාර්ය සෞම්‍ය ලියනගේයි. වත්මනෙහි ඉඳහිට රංගනයේ යෙදෙන සෞම්‍ය රඟපෑ චරිත ප්‍රමාණය අල්ප වුවද ඔහු රඟපෑ සෑම චරිතයක්ම ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර වුණා. සමනලී ෆොන්සේකාගේ ලොකු අයියා සුරංග ෆොන්සේකායි.

ඔහුද රංගන කුසලතා ඇත්තෙකි. ඔවුන්ගේ ලොකු නැන්දාවූ මාලිනී අධ්‍යක්ෂණය කළ සසර චේතනා චිත්‍රපටයෙ සනත් ගුණතිලකගේ ළමාවියට රඟපෑවේ සුරංග. ඔහුගේ පුතා විනෝද් සහ දියණි ටියාෂාද ටෙලි නිර්මාණයන් කිහිපයකට රඟපෑමට එක්ව තිබේ. සුරංග සහ සමනළී අතර තවත් සොයුරෙක් ඉන්නවා. ඔහු අසංක ෆොන්සේකායි.

අසංක ෆොන්සේකා ස්ත්‍රී චිත්‍රපටය සහ මැනලද පුතේ කිරි දුන්නේ යන ටෙලි නාට්‍යයේ රඟපා තිබෙනවා. ඔහුගේ දියණිය කුෂේන්‍යා ෆොන්සේකා පුංචි සන්දියේ සිටම රංගනයට උපන් හපන් කමක් දැක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ වින්දන සහ කල්පන ආරියවංශ නිර්මාණය කළ රූකඩ පැංචි සිනමාපටය රංගන දායකත්වය සැපයුවා. ෆොන්සේකා පවුලේ ඒ තවත් සාමාජිකයෝ රැසකි. එහි සියල්ල පිළිබඳ කියාපාන්නට මෙතැන ඉඩ මදි. ඉතින් ඒ ගැනත් අපි ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නට කැමතියි.

Courtesy – Kotuwapaththare 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button