custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

දෙවැනි ඉනිමෙන් ඉස්කෝලේට ගිය වෙද මාමාගේ එකම දුව තමීරාගේ කවුරුත් නොදන්නා කතාව

custom_html_banner1
Spread the love

අපේ රටේ ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉනිම හරහා පහුගිය දවස් වල වෙද මාමාගේ එකම දුව ලෙස රංගනයට එකතු වෙලා හිටපු සුන්දර රංගන ශිල්පිනියව ඔබට මතක ඇති. ඉන් අනතුරුව ඇයව ඔබට දෙරණේ අලුත්ම ටෙලි නාට්‍යයක් වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතයක් හරහා මේ දිනවල දකින්න ලැබෙනවා. ඉතින් ඒ අනඟි හෙවත් මාළු කපිලගේ ලොකු දුව ලෙසයි. ඉතින් මේ යොවුන් වියේ පසුවන නවක රංගන ශිල්පිනිය නමින් හිරුෂි පෙරේරාය.

දෙරණ 2020 අවුරුදු කුමරිය තරඟයේ අවසන් වටයෙන් පසුව කළා ලොවට පිවිසි මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මගේ සම්පුර්ණ නම ඩබ්ලිව්. ඒ. මොරීන් හිරුෂි ඉමල්කා පෙරේරා, භාවිතේ පහසුවට හිරුෂි පෙරේරා කියලා තමා කියන්නේ. හැමෝම ඒ නමින් තමා මට කතා කරන්නේ. මගේ පවුලේ විස්තර කිව්වොත් අම්මයි, තාත්තයි, මමයි, නංගියි තමයි ඉන්නේ.

තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැන් විශ්‍රාමිකව ගෙදරට වෙලා ඉන්නවා. අම්මා ගෘහනියක්. ඒවා තමා ඉතින් පවුලේ විස්තර. මම ඉස්කෝලේ ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. මම පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩාය‌මෙත් හිටියා. විෂයයක් විදියට ඩාන්සින් කළා. ක්‍රීඩා කටයුතුවලටත් සම්බන්ධ වුණා.

මම අධ්‍යානපනය ලබන කාලේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න තමා හිතන් හිටියේ. ඉතින් මන් දැනට මම ඒ සඳහා වන මූලික පසුබිම සකස් කර ගනිමින් ඉන්නවා. මම දැනට කැළණිය විශ්ව විද්‍යාලයේ ඒ සඳහා වන බාහිර උපාධියේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. උපාධිය නිම වුණාට පස්සේ මට ගුරුවරියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබේවි.

මම 2020 දෙරණේ ඔන්ලයින් අවුරුදු කුමරිය තරගයේදී අවසන් වටයේ දහදෙනා අතරට තේරුණා. ඊට පස්සේ තමා මට රංගනයට අවස්ථාවක් ලැබුණේ. “’දෙවෙනි ඉනිම”’ ටෙලි නාට්‍යයේ වෙද මාමාගේ දුව ලෙස නිමල් අයියා තමා මට ඒ චරිතය සඳහා කතා කළේ. මේ අවස්ථාවේදී නිමල් අයියා, සාරංග අයියා සහ එහි සහාය අධ්‍යක්ෂ තීක්ෂණ මෙන්ඩිස් අයියාවත් මතක් කරන්නේ.

දෙවෙනි ඉනිමේ වෙද මාමාගේ දුව ලෙස තමා මම රඟපෑවේ. ඔය අතරෙ මට “’ඉස්කෝලේ’” කියන දෙරණේ අලුත්ම ටෙලි නාට්‍යයේ චරිතයකට කතා කරනවා. ඉතින් එතැනින් පස්සේ මං දිගටම මේ දක්වා ඉස්කෝලේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.“අනඟි” තමා චරිතයේ නම. මුලින්ම ලොකු ආසාවකුත් ඇති වුණා ඉස්කූල් යුනිෆෝම් එක ඇදලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා නැවත ඉස්කොලේ යන එකට.

“’අනඟි” කියන්නේ දුප්පත් අහිංසක සරල චරිතයක්. දුප්පත්කමත් එක්ක පවුලේ වැඩිමල් දුව ලෙස නංගි කෙනෙක්ගේ වගකීමත් එක්ක පවුලේ බරත් දරාගෙන ජීවිතේ ගෙන යන්න හදන පාසල් ගෑනු ළමයෙකුගේ චරිතයක්. සැබෑ ජීවිතයේදී මගෙත් ඊට සමාන දේවල් ගොඩක් තියෙනවා ඒ නිසා මම ඒ චරිතයට ගොඩක් කැමති. මේ නාට්‍යයට අමතරව මට වෙනත් නිර්මාණවලට රංගනය සඳහා කිහිපයකටම කතා කළා. නමුත් පූර්ණ කාලීනව කැපවෙලා “’ඉස්කෝලේ’” ටෙලි නාට්‍යයෙහි වැඩ කරන්න ඕනේ නිසා ඒවා එකකවත් වැඩ කරන්න භාර ගත්තේ නෑ.

custom_html_banner1

Courtesy – Kotuwapaththare 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button