custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ගේ 21 වෙනි උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

custom_html_banner1
Spread the love

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සිනමා කර්මාන්තයේ ජනප්‍රිය තරු ළමයින්ගෙන් කෙනෙකි. බොලිවුඩ් සිනමාවට පෙරාතුව පවා සුහානාගේ රසික රසිකාවියන් විශාලය. රසික රසිකාවියන් සම්බන්ධයෙන් ගත් කල, සුහානා බොලිවුඩයේ විශාලතම සුපිරි තරු පවා පරාජය කරයි. සුහානා තම පියාට පමණක් නොව ඇගේ මව ගෞරි ඛාන්ට ද ඉතා සමීප ය. ඉතින් ඒ වගේම බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ගේ 21 වෙනි උපන්දිනය පහුගිය දිනයකදී යෙදිලා තිබුණා.

නිලියක් නොවුනත් ෂාරුක්ගේ දියණිය වීම නිසාම “මට දැන් 21” කියමින්, සුහානා සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පල කල ඡායාරූප වලට ලයික් සහ කමෙන්ට් එක දිගට ගලා ආ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඉතින් ඒ අතර බොලිවුඩ් නළු නිලියෝද විශාල ප්‍රමාණයක් සුහානාට සුබ පැතීමට අමතක කරලා තිබුනේ නැහැ. සෝයා අක්තාර්, සීමා ඛාන්, ආන්යා පාණ්ඩේ, භවානා පාණ්ඩේ, මහීප් කපූර් ඒ අතරට අයත් වුණා.

මේ වන විට සුහානා ඛාන් අධ්‍යාපනය ලබමින් ඇමරිකාවේ සිටින බවක් තමයි අපිටනම් දැනගන්න ලැබුණේ. 2000දී මුම්බායි නුවරදී උපත ලැබූ සුහානා 21වෙනි උපන්දිනය සමරලා තිබුනේ නිව්යෝක් නුවර සිටයි. සුහානා මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරනු ලබන්නේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේය. සුහානා ෂාරුක් ඛාන්ගේත් ගෞරි ඛාන්ගේත් දෙවෙනි දරුවා ලෙස තමයි ඉපදිලා තියෙන්නේ.

සුහානාට වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙකුත් ඉන්නවා. මේ පවතින වසංගත තත්වය හේතුවෙන් ඉතාමත් චාම් අයුරින් ඇයගේ පවුලේ අය සහ මිතුරියන් සමඟ පැවැත්වුණු උපන්දින සාදය සමාජ මාධ්‍ය හරහා මිතුරන් අතරේ බෙදා ගැනීමටත් සුහානා අමතක කරලා තිබුණේ නැහැ.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button