custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ආන්දෝලනාත්මක චරිත රඟපෑ නිලි ගයේෂා පෙරේරා ඇමරිකාවේ දිවිගෙවන ගමන් දැන් කියන කතාව

custom_html_banner1
Spread the love

ගයේෂා පෙරේරා කියලා කියන්නේ හැත්තෑව අසූව දශක වල කවුරුත් ආදරය කරපු ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි විවාහයත් එක්කම විදෙස් ගතවන ඇය මේ වනවිට ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නවා කියන එක ඇයගේ රසික රසිකාවියන්ටනම් රහසක් නෙමෙයි. ඇය රංගනයෙන් දායක වුනු ඉගිලෙන මාළුවෝ කියන ආන්දෝලනාත්මක චිත්‍රපටය සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් පහුගිය කාලයේ එවැනි සිනමා නිර්මාණ වලට පවා දායක වෙලා පුංචි තිරයේත් නිරන්තරයෙන් දැකගන්න ලැබුනත් පහුගිය කාලයේ ඇයව රූපවාහිනිය තුලින්නම් දකින්න ලැබුණේ නැහැ. ඉතින් රංගනයෙන් අනතුරුව දේශපාලනයටත් පිවිසිලා ඒ හැම දේකින්ම සමු අරගෙන ඇය මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන්නේ ඇයගේ පුංචි පවුල සමඟයි.

කොහොම නමුත් කාලෙකට පස්සේ ඇය ඇයගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මෙන්න මෙහෙමයි. මම අන්තිමට සම්බන්ධවුනු හේලංකඩ ටෙලි නිර්මාණය විකාශනය වුනේ 2019දි. ඉතින් ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ තමයි දූවිලි සුළඟ නිර්මාණයෙන් මන් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. දූවිලි සුළඟ මීට අවුරුදු තුනකට කලින් කරපු නිර්මාණයක්. නාට්‍යයේ කොටස් 35ක් විතර ලංකාවේ රූගත කිරීම් කළා. මාස තුනකට විතර කලින් ඉතුරු කොටස් ටික කලේ ඇමෙරිකාවේ. පවතින වසංගත තත්වයත් එක්ක මට ලංකාවට එන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. කාලෙකින් වුනත් මට ලැබෙන ප්‍රතිචාර වල කිසිම අඩුවක් නැහැ. සමාජ මාධ්‍ය වලින් ගොඩක් අය මට කතා කරනවා, මැසේජ් කරනවා. මම නිර්මාණ වල පෙන්න නැත්තේ ඇයි කියලා අහනවා. මේ නිර්මාණය තුලින් මාව දකිනවිට මාත් එක්ක සතුට බෙදා ගන්නවා. දැනට නාට්‍යයේ කොටස් කිහිපයක් විකාශනය වෙලා තියෙන්නේ. ඉතින් මේ නාට්‍යයේ ඉදිරියේදී මන් රඟපාන විනූගේ චරිතයට තවත් බනින්න ගනී. මගේ රංගනය එක්ක ප්‍රේක්ෂකයෝ ඒ චරිතය බාර ගන්න හැටි තීරණය වෙයි. විනූ කියන්නේ කලු චරිතයක්. නමුත් ඒ හරහා හොඳ ප්‍රකාශනයක් සිද්ද වෙනවා. දූවිලි සුළඟ වැනි සමාජයට යහපත් දේවල් ලබා දෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුන එක සතුටක්.

මට රංගනයෙන් සමුගන්න ඕනේ වුනේ නැහැ. පුතා හම්බුනාට පස්සෙත් මන් රඟපෑවා. පුංචි කාලෙකට විවේකයක් ගන්න තමයි විදේශ ගත වුනේ. කොහොම වුනත් දැන් රටේ පවතින තත්වයත් එක්ක මන් ගත්ත තීරණය හොඳයි කියලා හිතෙනවා. කවදා ලංකාවට එන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැහැ. පුතත් දැන් ඉස්කෝලේ යන්න පටන් ගත්තා. වසංගත තත්වය ඉවර උනාම ආයෙත් ලංකාවට ඇවිත් නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අදහසක් තියනවා. ඉතින් ඒ වගේම කාන්තාවකට බිරිඳක් වගේම මවක් විදිහට ඉටු කරන්න යුතුකම් තියනවා. නැත්තන් ඒ කාන්තාව ෆේල්. මන් මගේ ඇතුලාන්තය ෆේල් කර ගන්න කැමති නැහැ. මගේ මව් පියන් වෙන් වෙලා හිටපු නිසා ඒ බිදුණු තැන්වල වේදනාව මගේ කුඩා අවදියේදීම මම අත්වින්දා. මට ඕනෙවුණා මොන දේටත් වඩා අම්මාගෙයි තාත්තාගෙයි ආදරය මගේ දරුවාට ලබා දෙන්න, මගේ පවුල ආරක්ෂා කර ගන්න. පවුල් ජීවිතයක් හරියට පවත්වාගෙන යන එක කැප කිරීම් සහිත වැඩක්. මන් ඒ කැප කිරීම කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button