custom_html_banner1
ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්

“ක්‍රීඩකයන් කළ යුත්තේ චෝදනා කිරීම නෙවෙයි තරඟ ජය ගැනීමයි” අරවින්දගේ රතු ඉර පනී – ක්‍රීඩකයන්ට පාඩමකුත් කියාදෙයි

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ට අදාල කොන්ත්‍රාත් අත්සන් නොකිරීම සාධාරණ නොවන බව පවසමින් අරවින්ද ද සිල්වා සිය අප්‍රසාදය පලකොට තිබෙන බව සුප්‍රකට “ක්‍රික් ඉන්ෆෝ” වෙබ් අඩවිය වාර්තා කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කරන වැටුප් තල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අරවින්ද ද සිල්වා සභාපතිත්වය දරන තාක්ෂණ කමිටුව විසින් සකස් කරන ලද ඒවා වේ.ඒ සඳහා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩිගේද සහාය අරවින්ද ද සිල්වාට ලැබී තිබේ.

එම වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට “ක්‍රීඩකයින් කළ යුත්තේ චෝදනා කිරීම නෙමෙයි, තරග ජය ගැනීමයි” යන අදහස් අරවින්ද ද සිල්වා තරයේම සිටී. විශේෂයෙන්ම තරගාවලි ජයග්‍රහණය කිරීමේදී මීට පෙර ගෙවූ මුදලට වඩා තුන් ගුණයකින් ගෙවීම් වැඩි කර තිබෙන බව අරවින්ද ද සිල්වා පෙන්වා දෙයි.

ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ නම් කණ්ඩායමට මෙතෙක් ගෙවූ ඇමරිකානු ඩොලර් 50,000 (රු. ලක්ෂ 100) ඇමරිකානු ඩොලර් 1,50,000 (රු. ලක්ෂ 300) දක්වා තුන් ගුණයකින්වැඩි කොට තිබෙන බව පෙන්වා දෙන අරවින්ද ද සිල්වා තරග ජයග්‍රහණය කරන්නේ නම් පෙර වර්ෂ සියල්ලටම වඩා ආදායම් ඉපයීමට ක්‍රිකට් ක්‍රීඩකයින් අවස්ථාව ලබා දී ඇති බවද සඳහන් කරයි.

මෙවර වැටුප් කොන්ත්‍රාත්තු සැකසීමේදී තරග ජයග්‍රහණය කිරීම පදනම් කොටගෙන වැඩි මුදලක් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉපැයීමට හැකි අයුරින් කොන්ත්‍රාත් සකස් කොට තිඛෙන බවත් නිවැරදි ක්‍රමය එය බවත් අරවින්ද ද සිල්වා පෙන්වා දෙයි.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉල්ලීම වන්නේ තරග ජයග්‍රහණය කිරීම පදනම් කොටගෙන නොව පසුගිය වර්ෂයට සාපේක්ෂව යම් සැලකිය යුතු ප්‍රතිශතයකින් තමන්ගේ වැටුප් වැඩිකරන ලෙසය.

එමෙන්ම තමන්ට වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනයට ලැබෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් නොව අන්තර්ජාතික ක්‍රිකට් සමිමේලනයෙන් බවද පෙන්වා දෙන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතැම් නිලධාරීන් අසාධාරණ ලෙස වැටුප් ලබා ගන්නා බවටද චෝදනා කරයි.

custom_html_banner1

බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලියේ මුල් තරග දෙක පරාජය වීමත් සමග සමස්ත තරගාවලිය ද පරාජය වූ අතර එහිදී නව නායක කුසල් ජනිත් පෙරේරා මාධ්‍ය හමුවේ සඳහන්කළේ වැටුප් දීමනා කැපීම නිසා ක්‍රීඩකයින් මානසික ව්‍යාකූලත්වයකින් සිටින බවත් තරගාවලියේ පරාජයට එය යම් බලපෑමක් කළ බවය.

තමන්ට ගෙවන වැටුප් මදි බව පවසමින් කොන්ත්‍රාත් අත්සන් කිරීට නම් කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනාම එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කොට තිබේ.

Source – Lankatelegraph.info

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button