custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොවිඩ් මාරයාට බිලිවෙයි

custom_html_banner1
Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේට කෝවිඩ් ආසාදනය වීම හේතුවෙන් මාතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇති අතර පසුව සුවය ලබා සිය විහාරස්ථානයට වැඩම කර තිබුණා.

යළි ඇති වු රෝගී තත්වයක් හේතුවෙන් සමිත හිමියන් රෝහල් ගත කර ඇති අතර එහිදී අපවත් වී ඇති බව සඳහන්. අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය.

මේ අතර කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා ඊයේ සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට 60 වැනි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි. ආර්.පී.ඩී.සුනිල් ජයවීර පොදුජන පෙරමුණ නියෝජනය කළේය.

Source – Lankatelegraph.info

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button