custom_html_banner1
විශේෂාංග

අහස උසට උස් කුලුනු මත නැඟී ප්‍රේෂණ පද්ධති සකසන, කුලුණු එක්ක ඔට්ටු වෙන යකඩ ගැහැණිය

custom_html_banner1
Spread the love

ගැහැණිය කිව්ව ගමන් පලමුව ඕනෑම අයෙකුගේ හිතට එන සිතුවිල්ල ලද බොලඳ, මෘදු, මොලොක් ගති පැවතුම්. නමුත් ගැහැනිය තුල සැගව ඇති යකඩ ගැහැනිය මුලින් එලියට එන්නේ ඇය අම්ම කෙනෙක් වෙන විටයි. කිසිදා පිරිමියෙකුට කල නොහැකි දෙයක් ඇය කරන්නීය. ඉතින් ඒ ආකාරයෙන් බැලූ කල ඇයට පිරිමියා හා උරෙන් උර ගැටී වැඩ කල නොහැකියි යැයි සිතන්නේ මන්ද. මේ කියන්න යන්නේ ගැහැනියකගේ ඇස වැඩිපුර නොයන අංශයක් කරා ගිය සුරූපී යකඩ ගැහැණියක් පිලිබඳවයි.

ඇය නමින් අමිලා සුරංගි ගුණවර්දන. ඇය විදුලි සන්මිවේදන් ප්‍රේශණ කුලුණු සවිකිරීමේ ආයතනයක හිමිකාරිණියක්. තාජ් සමුද්‍ර, ශැංග්‍රිලා, ලෝක වෙළඳ මධ්‍යස්තානය, වැනි උස් ගොඩනැගිලිවල විදුලි සන්නිවේදන ප්‍රේශණ කුලුණු සවිකර ඇත්තේ ඇගේ ආයතනය මගිනුයි. ගාල්ලේ ඉපදී ගම්පහ සිරිකුරුස විදුහලේ අධ්‍යාපනය ලැබූ ඇය කුඩා කල පටන් මෙහි ආභාශය ලබා ඇත්තේ එවකට ගුවන්විදුලි සංස්තාවේ ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කල පියාගේ ආභාශයෙනි.

ඔහු රැකියාවට අමතරව විදුලි සන්නිවේදන ප්‍රේශණ පද්දටි සවි කිරීමේ අමතර ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇත. ඒ ඇසුරෙන් වයස අවුරුදු පහේ පමණ සිට ඇය හරි හරියට පියාට හැකි අයුරින් සහයෝගය දී ඇත. වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන රමේෂ් අලගියවන්න හා විවාහ වී සිටින දෙදරු මවක් වන ඇය අවුරුදු 23 ක් වැනි කාලයක් මේ සේවාවේ නිරතවෙලා ඉන්නවා. අහස උසට උස් කුලුනු මත නැඟී ප්‍රේෂණ පද්ධති සැකසීම ඇත්තටම අමාරු කාර්යයක් වුවත් බොහොම අශාවෙන් ඇය එය කරනවා.

ඇය මේ වන විට ඒ සඳහා පුහුණු ඉතා දක්ෂ කණ්ඩායමක් ගොඩ නගාගෙන තියෙනවා. මේ සන්නිවේදන ප්‍රේෂණ පද්ධති සවි කිරීමට අමතරව ඔවුන් සූර්ය බල ශක්ති පද්ධති සවි කිරීමත් සිදු කරනවා. ඉතින් ජීවිතය වෙනස් විදිහට දකින, වෙනස්ම වෘත්තියක නියැලුණු ඇයගේ ජීවිතයෙන් ඔබටත් යමක් උකහා ගත හැකිනම් එයයි අපේ සතුට.

Courtesy – Tharunee

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button