custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

බොලිවුඩ් නිලියක් යැයි සිතා බොහෝ තරුණයින් රැවටුණු සුරූපී ටනාෂා

custom_html_banner1
Spread the love

නව පරපුරේ සිටින ජනප්‍රිය සහ සුරූපී නිලියන් අතරින් සුන්දරම තරුණියක් තමයි ටනෂා සතරසිංහ කියන්නේ. ඉතින් මේ දවස් වල ඇය සුපුරුදු විදියට නිරුපන කටයුතු සහ රංගන කටයුතු කරගෙන යනවලු. ඒ වගේම ඇයගේ සිහිනය වෙලා තිබුනේ ජාත්‍යන්තරව රටට මොන විදියකින් හෝ කීර්තියක් ගෙන දෙන්නලු.

ටනෂාගේ ඒ සිහිනය සැබෑ කරමින් මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හරහා රට වෙනුවෙන් යමක් කරන්න හැකි වුනා කියලා ඇය කියනවා. නිරුපන ශිල්පිනියක් වශයෙන් කලාවට පැමිණෙන ඇය දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි ස්ථානයද ලබාගන්නවා. ඒ එක්කම ඇය රූපවාහිනී දැන්වීම් මෙන්ම ගීත ජවනිකා එනම් මියුසික් වීඩියෝ සඳහාත් නිරන්තරයෙන් දායක වුණා. මේ දිනවල ඇය වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ සිරස TV ඔස්සේ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍ය හරහායි.

ඒ කොහොම නමුත් ටෙලිනාට්‍ය වලට වඩා ඇයගේ වැඩි කැමැත්තක් තියෙන්නේ සිනාවට කියලයි කියන්නේ. මේ වෙද්දී ඇය සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලත් තියනවා. මොහාන් නියාස්ගේ බඹර වසන්තය සහ චන්න පෙරේරාගේ පුංචි වීරයෝ චිත්‍රපට වල ඇය රඟපෑවා. ඒ එක්කම ඇය වෘත්තියක් විදියට කරන්නේ නිරුපන ක්ෂේත්‍රයේ වැඩකටයුතු.

එපමණක්මි නොවෙයි යුසික් වීඩියෝවලටත් වැඩිපුර දායකත්වය ලබා දෙනවා. රූපවාහිනියේ ප‍්‍රචාරය වන දැන්වීම් බොහොමයකටත් ටනාෂා පෙනී ඉන්නවා. ඒ අතරින් අනගි සහ ඩෙන්ටා දැන්වීම් ජනප‍්‍රියයි. ඒ වගේම ඇයගේ ගෙදර කට්ටිය ආදරේට කියන්නේ පිංකි කියලාලු. ටනෂා තමයි පවුලේ වැඩිමලා, ඒ වගේම ඇයට සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා.

ලොකු අක්කා විදියට පවුලේ නංගිලාට ආදර්ශයක් විදියට ඉන්න ඕන වගේම ලොකු වගකීමකුත් තියනවා කියලා ඇය කියනවා. ඒ නිසා හැම දේම කරන්නේ හොඳ නම තියාගෙන කියලා ටනෂා කියනවා. මුලින්ම අපි කරන දේ ගැන හොඳ හැදෑරීමක් කළ යුතු වෙනවා වගේම ඒ වටපිටාව ගැනත් අවබෝධයෙන් සිටින්න වෙනවා කියලා ඇය කියනවා අවගේම බාහිර වටපිටාව ගැනත් අවබෝධයක් නැතුව මේ ගමන යන්න බැහැ කියලයි ටනශාගේ අදහස වෙන්නේ. ඒ එක්කම ඇය කියනවා මම බොහොම හොඳ ළමයෙක්. අම්මා එහෙම කියලා තියනවාලු. හොඳ කීකරු ළමයෙක් ඒ ගැන සතුටු වෙනවා කියලත් ඇය කියනවා.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button