custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජපානයේ කවාගුචි නගරය ශ්‍රී ලංකාව වෙත ගිලන් රථයක් පරිත්‍යාග කරයි

custom_html_banner1
Spread the love

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සන්ජීව් ගුණසේකර ගේ ඉල්ලීමක් පරිදි සයිතමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි විසින් ඉතා උසස් තත්වයේ භාවිතා කරන ලද ගිලන් රථයක් ඉකුත් මැයි මස 27 වන දින කවාගුචි නගරයේ පැවති නිල උත්සවයකදී තානාපති තුමන් හට භාර දෙන ලදී.

දෙදෙනා අතර කලකට ඉහතදී ගිනි නිවන උපකරණයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇත.

මෙම උත්සව අවස්ථාවට කවාගුචි නගරයේ නගරාධිපති ප්‍රාදේශීය දේශපාලනඤයින් හා ධානපතීන් පිරිසක් සහභාගී විය.

මෙම ගිලන් රථය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සදහා වන පිරිවැය කවාගුචි නගරයේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන සයිනෙට් කෝපරේෂන් සහ සයිතමා ප්‍රාන්තයේ රොටරි සමාජය විසින් දරනු ඇත.

කවාගුචි නගරයේ නගරාධිපතිතුමන්ට සහ එම නගර වැසියන් හට සිය ස්තුතිය පිරිනමන ලද අතර ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ඉහල යන කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හමුවේ මෙය ඉතාමත් කාලෝචිත පරිත්‍යාගයක් බව තානාපතිතුමන් සඳහන් කලේය.

තවද ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවත එන වසර 70 කට අදික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය පිළබඳව මතක් කරමින් දෙරට ජනතාව අතර පවතින සුහදශීලී හැගීම් මෙම අද්විතීය රාජතාන්ත්රික සබඳතාවය තවත් ශක්තිමත් කිරීමට හේතු වන බව පැවසීය.

කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි සහ සයිනෙට් කෝපරේෂන් ආයතනයේ නිළධාරීන් පවසා සිටියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ඉදිරි කටයුතු සඳහා ද තවදුරටත් සහයෝගය ලබා දෙන බවයි.

custom_html_banner1

Source – Neth News

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button