custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

කොරෝනා පටන් ගත් වූහාන්වල හිටිහැටියේ මහා කාලගුණ විපර්යාසයක් (VIDEO)

custom_html_banner1
Spread the love

අතිභයානක කොරෝනා ‌වයිරසය ලොවට දායාද කළ බව කියන චීනයේ වූහාන් පළාතේ පසුගිය දිනෙක මහා කාලගුණ විපර්යාසයක් සිදුව තිබේ. විනාඩි 10ක් ඇතුළත සිදුවූ මෙම කාලගුණ විපර්යාසයත් සම අකුණු ගසමින්, දැඩි සුළං සමග මුරුගසන් වර්ෂාවක් ඇද හැලී ඇති බව චීන මාධ්‍ය ‌පවසයි.

මෙය මෑත ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවුණු ‌සිදුවීමක් ලෙස වූහාන් වැසියෝ සදහන් කරති. මෙම වර්ෂාවෙන් ජීවිත 8ක් අහිමි වූ අතර 280කට අධික පිරිසක් තුවාල ලබා තිබිණ.

එමෙන්ම ගිණිය නොහැකි තරමේ විශාල ‌දේපොළ විනාශයක්ද සිදුව තිබිණ. කෙසේවෙතත් පසුගිය දිනෙක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වයිරසයේ මූලාරම්භය සෙවීම සදහා තමන් බුද්ධි අංශවලට නියෝග කළ බවකි.

ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button