custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජනතාව හරියට හිටියොත් 8 වෙනිදා රට විවෘත කරන්න පුළුවන්

custom_html_banner1
Spread the love

රටතුළ පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය සළකා මේවනවිට පනවා ඇති සංචරණ සීමාවන් කිසිදු ලිහිල් කිරීමකින් තොරව ලබන මස 7වනදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර දැනුම් දී තිබූණද මෙම මස 31 වනදා සහ ලබන මස 4වනදා සංචරණ සීමවාන් ලිහිල් කිරීමක් සිදුවන්නේ නැහැ.

සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමත් සමග රටතුල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙනයාම සහ ජන ජීවිතයට එදිනෙදා බලපාන ගැටලු සාකච්ඡා කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ ලබන 7 වනදා තෙක් සංචරණ සීමාවන්ට අවනතව ජනතාව කටයුතු කළහොත් එළඹෙන 8 වනදා සිට යම් සීමාකිරීම්වලට යටත්ව හෝ රට සාමාන්‍ය පරිදි විවෘත කිරීමේ හැකියාවක් ඇති බවයි.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button