custom_html_banner1
ක්‍රීඩා පුවත්විශේෂාංග

මේ දවස්වල රටම කතාවෙන ලක්මවට ආඩම්බරයක් වූ චැම්පියන්, දිනූ පෙරේරා ගැන නොදන්න කතාවක්

custom_html_banner1
Spread the love

පළවෙනි කාරණය මම ඇයව දන්නෙ නැහැ. මුලින්ම දැක්කෙත් ළහිරුගෙ වැඩසටහනක Thumbnail එකක් එක්ක Facebook එකේ ඇයව උපහාසයට ලක් කරමින් සංසරණය වෙන Postවලින්. කවුද කියලත් දන්නෙ නැති නිසා Youtube Interviewවල Thumbnailවල කතන්දරෙත් දන්න නිසා ඒ ගැන හිතුවෙත් නෑ. වැඩසටහන බැලුවෙත් නෑ අදාළ නැති නිසා.

හැබැයි මෙහෙම අද හවස මේ Photo එක දැක්කා අහම්බෙන්.

මම ඇත්තටම කණගාටු වෙනවා ඇයව මට මුලින්ම දැනගන්න හම්බුණේ ‘පිරිමි Nothing’ Thumbnail එකෙන් වීම ගැන.

බලාගෙන යනකොට ඇය අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ කරාතේ Champion. ලෝකේ බොහෝ තරග ගණනාවකටම සහභාගී වෙලා ජයග්‍රහණ අරන් ආපු කෙනෙක්. වීල්බැරෝ දෙක තුනක දාගෙන අන්න තරම් පදක්කම්, කුසලාන ජයග්‍රහණය කරපු ශූරියක්. හැබැයි මෙච්චර දවසක් අපි මේ දිනූෂා ගැන දන්නෙ නැහැ.

තනියෙන්ම ගේමක් ගහගෙන ලංකාවට කීර්තියක් ගේනකොට අපි කවුරුත් ඒ කෙල්ලව අගය කරලා එක Post එකක් දාල නැහැ. ඔය දෙකයි පණහේ Pageකාරයො එකෙක්වත් ඇය ජාත්‍යන්තර තරග දිනලා එනකොට ඇයට සුබ පතලා තිබුණේ නැහැ. කොටින්ම ඔබ මම ඇතුළු අපි ඇයව දන්නෙ නැහැ.

හැබැයි එක වචනයක් වැරදුණු ගමන් අර ඇය බුකියේ මාතෘකාවක් වෙලා.

මේ සිද්ධිය දැක්කම ඇය ගැන Youtube එකේ Video එකක් බැලුවා. ඇය ඒකෙදි කියනවා ඇයගෙ Nutrition ටික ගන්න උකස් කරපු ඇයගෙ රත්තරන් බඩු ටික තාම බේරගන්න බැරුව බැංකුවෙ කියලා. ට්‍රේනිං කරන්න අඳින්න ඕන ඇඳුම් සපත්තු ටික පවා ඇයට ගන්න වෙන්නෙ ඇයගෙම වියදමින් කියලා.

custom_html_banner1

ඉතින් මේවා එකක්වත් නොදැකපු අපි, කොටින්ම කිව්වොත් ඇය ලංකාවට ගෙනාපු කීර්තිය නොදැකපු අපි එක වචනයක් නිසා ඇයව කුරුසේ ගහලා ඉවරයි.

එක වැඩසටහනක ඇය කියනවා ඇයව බලාගන්නව නම් 2022 ආසියානු තරගාවළියේ අනිවාර්යයෙන්ම පදක්කමක් ගෙනත් දෙනවා කියලා.

පාර්ලිමේන්තුවට අළුත්ම වාහන 227 ක් ගෙන්නන්න සල්ලි තියෙනව නම් මුළු ලංකවෙම ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ගෙනාපු, ගේන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවො 200 ක් බලාගන්න බැරි ඇයි අපේ රටට ?? මට නම් අවංකවම හිතාගන්න බැහැ ඇයි එහෙම කරන්න බැරි කියලා.

මේ රටේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වටිනා මැණික් යට ගිහින් සත පහක වටිනාකමක් නැති ගොම රිටි උඩ එන එක. මැණික්වල වටිනාකම නොදන්න අන්ධයින් පිරුණු රටක ඉපදුණ එක තමයි ඒ මැණික් කරපු ලොකුම කරුමෙ.

මේක මේ දිනූෂා ගැන විතරක් කතාවක් නෙවෙයි. සිය ගණනක් මැණික් කැටවල කඳුළු කතාව මේකම තමයි.

මට ඇත්තටම තාමත් අදහාගන්න බෑ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවො ටික රැකගන්න, ඔවුන්ව පෝෂණය කරන්න තාමත් කිසිම ස්ථිරසාර වැඩසටහනක් හදාගන්න බැරි තරම් මේ රට අසමත් වෙන්නෙ කොහොමද කියන එක.

හැමදාම පදක්කමක් අරන් එන ක්‍රීඩක ක්‍රීඩිකාවොන්ගෙ කටින් ඇහෙන්නම ඔවුන් පුද්ගලිකව විඳින දුක් කන්දරා ටික.

මං අහන්නෙ පුන්‍ය භූමියක් වගේ මේ තරම් වටින රටක් මේ තරම්ම, මේ තරම්ම හැම අතකින්ම අසාර්ථක වෙන්නෙ කොහොමද. අපේ රටට වෙලා තියෙන්නෙ නම් එසේ මෙසේ කරුමයක් නෙවෙයි. මේක නම් ඇත්තටම ඇස් අදහාගන්න බැරි ඛේදවාචකයක්..!!!

– ප්‍රමිත් ගනේආරච්චි 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button