custom_html_banner1
දේශීය පුවත්

රුපියල් 5000 දීමනාව ලබාදීම ලබන සතියේ සිට පටන් ගනීවි, ජල බිල්පතට නම් සහනයක් නෑ – වාසු

custom_html_banner1
Spread the love

රජයේ සේවකයින් නොවන, දෛනික ආදායම් ඉපයීමේ නියැළුණු පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කෙරෙනු ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. මං හිතන්නෙ ලබන සුමානෙ පටන් ගනියි.

ජල බිල්පතට සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

Courtesy – Lankanewsweb 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button