custom_html_banner1
දේශීය පුවත්

සංචරණ සීමා දීර්ඝ කිරීමේ සාර්ථක ප්‍රතිඵල ඉදිරි සති දෙක තුනේදී – ජනපතිගේ තීන්දුවට දසදෙසින් පැසසුම්

custom_html_banner1
Spread the love

රජය මඟින් ජුනි මස 07දා දක්වා පනවා තිබූ සංචරණ සීමා අතරමඟදී ලිහිල් නොකර අඛණ්ඩව පවත්වාගෙන යෑමට ගත් තීරණය ඥානාන්විත ක්‍රියාවක් බවත්, එහි සාර්ථක ප්‍රතිඵල ඉදිරි සති දෙක තුන ඇතුළතදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම ගැසට් නිවේදනයට මුවා වී ඇතැම් පුද්ගලයන් සිය රථවාහනවල “අත්‍යවශ්‍ය සේවා” පුවරු සවි කරගෙන වංචා සහගතව සංචරණයේ යෙදෙන බවත් එම ක්‍රියා වැළැක්වීමට පියවර නොගතහොත් මෙම සංචරණ සීමා දීර්ඝ කිරීමෙන් පලක් නොවන බවත් මහේන්ද්‍ර මහතා පැවැසීය.

තවද ආයතනවලට අදාළ සේවකයන් ගෙන්වා ගැනීමේදී ආයතන ප්‍රධානීන් ඉතා වගකීමෙන් ක්‍රියා කළයුතුව ඇති බවත් කොවිඩ් ආසාදිත හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති රොගීන් සිටින නිවෙස්වලින් සේවකයන් ගෙන්වා ගැනීමක් සිදුකළ හොත් මෙම සංචරණ සීමාවලින් පලක් නොවන බවත් ඒ මහතා පැවැසීය.

සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට තම සංගමය රජයෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටි බවද ඒ පිළිබඳව අවධානය යොමුකර මෙවැනි පියවරක් ගැනීම පිළිබඳව තම සංගමය බොහෝ සෙයින් සතුටට පත්වන බවද සංගමයේ ලේකම් බාලසූරිය මහතා වැඩිදුරටත් පැවැසීය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button