custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

40 පැනලත් තවමත් දහ අටේ කෙල්ල වගේ – මේධා සැමියාගෙන් වෙන්වෙලා ගෙවන ජිවිතයේ රහස් රැසක් හෙළිකරයි

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉතා ජනප්‍රිය චරිතයක් තමයි මේධා කියන්නේ. කාලයක් අපේ රටේ ටෙලි කතාවල දකින්න ලැබුන චරිතයක් වුනත් අද වෙද්දී නම් කලාවෙන් ටිකක් ඇත් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම තමයි වෙනස්ම ආකාරයේ ෆොටෝ ශුට් වලින් පවා ඇය අපිට දකින්න පුළුවන්. අපි හිතුව වැඩි විස්තර අයගේනම් අහල දැනගන්නට. අපි මුලින්ම ඇහුවේ ඇය අදටත් මේ වගේ ලස්සනට ඉන්නේ කොහොම ද කියලා.

මම ඇත්තටම බබාලා පුංචි දවස් වල නම් හිතුවේ බබාලා ගැන විතරයි. අපි වැඩියෙන් පොඩි කාලේදී අවධනය දෙන්න ඕනේ බබාලා වෙනුවෙන්. දැන් තමයි ඔන්න මම ගැන හිතන්න පටන්ගෙන තියෙන්නේ. මම දැනට නම් සතියකට දවස් තුනක් හතරක් ජිම් එකට යනවා. ඇඟ ටිකක් බලන් ඉද්දි වගේ වෙනස් වෙනවා.

එහෙම කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලද්දී නම් හිතට ගොඩක් සතුටක් දැනෙනවා. තවත් ලස්සන වෙන්න ලොකු උනන්දුවක් හිතෙනවා. මම වයස නම් කවදාවත් හංගන්නේ නෑ. කොහොමත් මට දැනිලා තියනවා හතළිහෙන් පස්සේ මම යේ පස්සට යනවා වගේ හැඟීමක්. මගේ වයසේ මගේ යහළුවෝ දකිද්දී මට ඇත්තටම මම ගැන ලොකු සතුටක් තියනවා. අපි හිතන්න ඕනේ අපිඅ පුළුවන් තරම් කාලයක් අපිට ලස්සනට ඉන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ලස්සන වෙන්න. වයස වැඩක් නෑ ලස්සනට ජිවත් වුනාම එහෙම තමයි.

ලංකාවේ කළා නිර්මාණ හා ඔබේ දායකත්වය ගැන කතා කලොත්. බොරු කියන්න ඕනේ නැහැනේ. අපි මේ ජිවත් වෙන රටේ හැටියට ලොකු ලොකු තෝරාගැනීම් නම් කරන්න බැහැනේ. නිර්මාණ බිහිවෙන්න ගොඩක් අඩුවෙන්. මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ නම් ඉතින් තෝරාගෙන කරන්න දෙයක් නෑ. ලැබෙන දෙයක් කරන්න තමයි වෙන්නේ.

හැබැයි ඉතින් එහෙමයි කියලා මට ලැබෙන හැම දේම වෙනුවෙන් මම දායක වෙන්න කැමති නෑ. මම අදටත් අදරාධන ලැබිලා මම ප්‍රතික්ෂේප කල නිර්මාණ තියනවා. මේ රටේ පවතින තත්වයත් එක්ක මෙගා වලට නම් දායක වෙන්න කැමැත්තක් නෑ. සමහර මිනිස්සු වෙන වෙන දේවල් බලාපොරොත්තුවෙනුත් අපිට නිර්මාණවලට කතා කරනවනේ.

එහෙම මිනිස්සුන්ගේ වැඩ නම් මම කපලා දානවා. ගොඩක් දෙනෙක් හිතේ තව දෙයක් තියාගෙන නිර්මාණ වලට ආරාධනා කරන අයත් ඉන්නවා. අලුතෙන් එන අයට ඒ බලපෑම වැඩියි. මම ගොඩක් වෙලවට වැඩ ඉල්ලා ඉල්ලා යන්නේ නෑ. මම බාරගත්ත වැඩ වලට වඩා ප්‍රතික්ෂේප කරපු වැඩ වැඩියි. මම මේධා ජයරත්න කියන නම ගොඩනඟා ගත්තා.

මටම අනන්‍යතාවක් හදාගත්තා. මම පුතා ලැබුණට පස්සේ අවුරුදු දෙකක් දුව ලැබුණට පස්සේ අවුරුදු පහක් රංගනයෙන් ඉවත්වෙලා හිටියා. මම ආයෙත් ක්‍ෂේත්‍රයට ආවම මම ඒ තැන ක්‍ෂේත්‍රයේ තිබ්බා. දක්ෂතාවයෙන් මිසක් ඒවා මේවා දීලා ආපු ගමනක් නෙමෙයි අපිට තිබ්බේ. ඔන්න එහෙමයි ඇය අපිත් එක්ක සුහද කතා බහක නියැලුනේ. ඉතින් අපි හිතුව අයගේ මේ දිනවල ගෙවන ජිවිතයේ ලස්සන ජායාරූප පෙළක් ඔයාලට ගෙන එන්නට.

custom_html_banner1

Courtesy – Rssfacts 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button