custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ලක්ෂ 3ක මුදලකට කන්‍යාවියක්

custom_html_banner1
Spread the love

අන්තර්ජාලය කියන්නේ අද අපිට නැතිවම බැරි දෙයක්. මේ මුළු ලෝකෙම ක්ෂණයකින් අපේ අතට ගුලි කරලා ගන්න “අන්තර්ජාලය” උදව් කරගන්න අපිට පුළුවන්…

ඒ වගේම තමයි ලෝකයේ ඕනෑම අහු මුල්ලක තියෙන භාණ්ඩ මිලදී ගන්නත්, එක්කෝ හිතේ හැටියට අලෙවි කරන්නත් අන්තර්ජාලය හරහා පුළුවන්…

මේ කියන්න හදන්නෙත්, ඒ විදිහට හිතාගන්නවත් බැරි මුදලට අලෙවි වුනු දේවල් කිහිපයක් ගැනයි.

ඔබ විශ්වාස කරනවාද, වෙබ් අඩවියක් හරහා හෙලිකොප්ටර් එකක් අලෙවි වුණා කිව්වොත්? ඩොලර් තුන් ලක්ෂ විසි පන්දහස් දෙසීයක මුදලකට මේ හෙලිකොප්ටර් එක අලෙවි වෙලා තියෙනවා. ඒක ලංකාවේ මුදලින් කිව්වොත් කෝටි හතකට ආසන්නයි.

හොඳයි ඒක අමතක කරමු. ලංකාවේ මුදලින් කෝටි හත හමාරකට පියානෝ එකකුත් අලෙවි වෙලා. ඒක තමයි අදහාගන්න බැරි දේ.

භාණ්ඩ විතරක් නෙවෙයි, ඔන්ලයින් ක්‍රමයට දැන් ජීවිතත් අලෙවි වෙනවා. ඒ විදිහට සැපපහසු නිවසක් කාරයක් ඇතුළු සියල්ල හිමිකරගත් කෙනෙක් ඩොලර් තුන් ලක්ෂ අනු නව දහසකට අලෙවි වෙලා තියෙනවා. (ලංකාවේ මුදලින් කෝටි 8කට ආසන්නයි.)

“ටිකට් මාෆියාව” ගැන ඔබ දැනුවත් ඇති. ඒ වගේම අද වෙනකොට “ඔන්ලයින් ටිකට්ස්” අලෙවි කරන එක සාමාන්‍ය සංසිද්ධියක්. එක්තරා ෆුඩ් බෝල් තරඟාවලියක ප්‍රවේශ පත්‍රයක් ලංකාවේ මුදලින් කෝටි අටකට ආසන්න මුදලකට අලෙවි වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා.

custom_html_banner1

අවුරුදු 100කට වඩා ඓතිහාසික වටිනාකම් කියන බියර් බෝතලයකුත් එක්තරා අවස්ථාවක ලංකාවේ මුදලින් රුපියල් කෝටි 10කට අලෙවි වෙලා තියෙනවා කිව්වොත් ඔබ ඒක නම් විශ්වාස කරන එකක් නෑ. නමුත් මේ ඓතිහාසික වටිනාකම නිසාම මේ ගාණට “බියර් බෝතලේ” අලෙවි වෙලා.

ඩොලර් විසි ලක්ෂ හැට දහසකට අලෙවි වුනු නගරයක් ගැනත් අපිට අහන්න ලැබෙනවා. ටෙක්සාස් වල පිහිටි මේ නගරය කෝටි 40කට “ඔන්ලයින්” අලෙවි වෙනවා. (හැබැයි මේකේ ඒ වෙනකොට ජනගහනය 7 දෙනයිලූ.)

දැන් කියන්න හදන්නේ අමුතුම කතාවක් ගැනයි. හිතාගන්න පුළුවන්ද ඔන්ලයින් “කන්‍යාවියක් අලෙවි වුණා” කිව්වොත්..? ඔව්! ඒ කතාව ඇත්තක්.. ඒ අසාමාන්‍ය පුවත වාර්තා වෙන්නේ තායි රාජ්‍යයෙන්. 26 වැනි තරුණියක්ව තමයි අන්තර්ජාලය හරහා මේ විදිහට අලෙවි කරලා තියෙන්නේ. ඩොලර් ලක්ෂ 3ක මුදලක් ඇයට ඇගේ පියා විසින් නියම කර තිබුණා කියලයි දැනගන්න ලැබෙන්නේ…..

ඒ වගේම තමන්ගේ කන්‍යා දියණියව (ඇගේ නම කර්න්සිටා.) විවාහ කරගන්නා පුරුෂයා වෙනුවෙන් ඩොලර් 240, 000ක මුදලක් ලබා දෙන බවත් මේ පියා කියලා තියෙනවා.

58 හැවිරිදි කෝටිපතියෙකු වන ආර්නන් තමයි පියාගේ නම. මෙය මුළු ලෝකයේම අවධානය දිනාගත්තූ ප්‍රවෘත්තියක් බවට පත් වුනේ එය ටිකක් අසාමාන්‍ය දෙයක් වූ නිසාමයි.

එමෙන්ම තමන්ට ලැබෙන මුදල් ප්ලාස්ටික් සැත්කම් සඳහා යොදන බවත් ඇය කියා තිබෙනවා.

මේ පුවත ඩේලිමේල් වාර්තා කර තිබුණේ 2019 වර්ෂයේදී යි.

තොරතුරු අන්තර්ජාලයෙන්
Dailymail

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button