custom_html_banner1
ගොසිප් පුවත්විදෙස් පුවත්

දරුවන්ගේ භාරකාරීත්ව න’ඩුවෙන් ඇන්ජලීනා ජොලී පරදී

custom_html_banner1
Spread the love

හිටපු හොලිවුඩ් සිහින යුවළක් වන ඇන්ජෙලිනා ජොලි සහ බ්‍රැඩ් පිට් යන දෙදෙනා මීට වසර 2 කට පෙර 2019 වෙන්වී’මෙන් පසු ඔවුන් ඒ දක්වා රැකබලාගත් දරුවන්ගේ භාරකාරීත්වය පිලිබඳ ප්‍රශ්න’යක් පැනනැ’ගුණ අතර ඒ සම්බන්ධ වෙනම නඩු’වක් විභාග විය.

ඔවුන්ට ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු හා දරුකමට හදාගත් දරුවන් 4 ක් සිටිති. නඩු’වේදී පිට් හට දරුවන්ගේ ඒකාබද්ධ භාරකාරත්වය අවශ්‍ය වූ අතර ජොලිට අවශ්‍ය වූයේ තනි භාරකාරත්වයයි.

අවසන් වරට පැවති නඩු වාරයේදී භාරකාර සටනේන් පිට් ජයගෙන තිබේ.

57 හැවිරිදි නළුවාට පක්ෂව කැලිෆෝනියාවේ විනිසුරුවරයා “මූලික තීන්දුව” ලබා දුන්නේ පිට්ගේ ඉල්ලීම පරිදි දරුවන් 6 දෙනා  දෙන්නාටම අයිති වන පරිදිය. ජොලිට අවශ්‍ය වූ තනි භාරකාරත්වය ලබාදීමට තරම් හේතු නැතැයි අධි’කරණය දැන්වීය. මේ අනුව යුවලගේ දරුවන් හය දෙනාගේ භාරකාර ගිවිසුම වෙනස් කළ යුතු බවද අධිකරණයේදී ප්‍රකාශ විය.

ජොලි 2016 සැප්තැම්බර් මාසයේදී දික්ක’සාද වීමට ඉල්ලුම් කළේ – විවාහයෙන් වසර දෙකකට පසුව සහ අවුරුදු එකොළහක සම්බන්ධතාවයකින් පසුවය. එම ඉල්ලීම ප්‍රකාරව මෙම යුවළ මීට වසර දෙකකට පෙර 2019 දී නිල වශයෙන් දික්ක’සාද වූහ.

මාධ්‍ය වාර්තා වලට අනුව, පිට්ගේ ගං’ජා සහ මත්පැ’න් භාවිතය හා ඒ සමඟ ඇති වූ නි’න්දා අප’හාස පිළිබඳව දරුවන්ගේ යහපැවැත්ම ගැන ජොලි සැලකිලිමත් විය. ප්‍රංශයේ සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කරමින් සිටියදී එක් දරුවෙකුට පිට් ප’හර දුන් බවට ජොලි චෝද’නා කළාය. කෙසේ වෙතත්, ෆෙඩරල් එෆ්බීඅයි ළමා අප යෝ’ජ නය සම්බන්ධයෙන් පිට් ගැන පරීක්ෂණ අවසන් වූයේ ඔහු ඊට වරදක’රුවෙකු නොකරමිනි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button