custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ෆේස්බුක් හරහා මුදල් වං’චා කළ මලාවි ජාතිකයෙකු අත්අ’ඩංගුවට – ෆේස්බුක් හරහා තෑගි ලැබුණු බව පවසා විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලට පණිවිඩ යවලා

custom_html_banner1
Spread the love

ෆේස්බුක් හරහා තෑගි ලැබුණු බව පවසා විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලට පණිවිඩ යවමින් මුදල් වං.චා කළ පුද්ගලයෙකු ඊයේ (මැයි 27) දින පෑලියගොඩ පොලිසිය මගින් අ.ත්අ ඩංගුව ට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තෑගි ලැබුණු බව පවසමින් එම තෑගි ලබා ගැනීමට යම් මුදලක් තැන්පත් කරන ලෙස දන්වා රු. 498,000ක පමණ මුදලක් මෙම පුද්ගලයා වං’චා කර ඇති බව සිදු කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

ඒ අනුව, ඊයේ (මැයි 27) දින අත්තිඩිය ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා අ’ ත්අ ඩංගු ව ට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි ජෝෂප් ගමා නැමැති මලාවි ජාතිකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි මලාවි රාජ්‍යයේ සිට දැනට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ, තාවකාලිකව පදිංචිව සිට මොහු මෙවැනි වංචනික ක්‍රියා කර ඇති බවට අනාවරණය වී ඇත.

සැ’ක කරු අත්අ ඩංගු වට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරො යි න් 5gක්, අයි’ස් 5gක් පමණ තිබී ඇති අතර මුදලින් රු.45,000ක්, ⁣මෙරට බැංකුවල ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක්, ජංගම දුරකතන 2ක් සහ ලැප්ටොප් පරිගණක 2ක් ද තිබී ඇත.

මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, මෙරට මෙතෙක් ඉන්ටර්නෙට් හරහා සිදුවූ මහා පරිමාණ මුදල් වං’චා බොහෝමයක් සිදු කර ඇත්තේ නයිජීරියානු ජාතිකයින් ඇතුළු අප්‍රිකානු රටවලින් පැමිණි පුද්ගලයින් බවය.

අ’ත්අ ඩං ගුවට ගත් සැ’ක කරු අද (මැයි 28) දින අලුත්කඩේ මහේස්ත්‍ රාත් අධි කරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධ ඉදිරි විම’ර්ශ’න පෑලියගොඩ පොලිසිය විසින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

custom_html_banner1

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button