custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

වැටුප් සහ දීමනා ලබා දීම සඳහා තැපැල් කාර්යාල විවෘත කරන දිනයන්

custom_html_banner1
Spread the love

අද (මැයි 28 ) සහ හෙට (මැයි 29) දිනයන්හි පෙ.ව.09.30 සිට ප.ව.2.00 දක්වා තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, ගොවි, ධීවර, විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා සහ මහජන සහනාධාර දීමනා ලබා ගැනීමට නොහැකි වූ පිරිස් සඳහා එම දීමනා ලබා දීමටයි.

උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය සමග සංචරණ සීමා පැනවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මෙම ගෙවීම් ලබා ගැනීමට පැමිණෙන ජනතාව තමන්ගේ විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ගොවි/ධීවර විශ්‍රාම හැඳුනුම්පත, වැඩිහිටි/මහජනාධාර ගෙවීම් සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත රැගෙන ආ යුතු අතර තැපැල් කාර්යාලයට පැමිණීම සඳහා පමණක් එය අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි වේ.

එමෙන් ම යම්කිසි තැපැල් කාර්යාලයක් විවෘත කර නොමැති අවස්ථාවක 1950 යන කෙටි දුරකතන අංකයට ඇමතුමක් ලබා දීමෙන් තොරතුරු ලබා ගත හැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button