custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉදිරි කන්නයට අඩුවක් නොවෙන්න කාබනික පොහොර පිටරටින් කඩිනමින් ගෙන්වන්න ඕනෙ – ජනපති

custom_html_banner1
Spread the love

ඉදිරි කන්නයේදී ගොවීන්ට සිය වගා කටයුතු කරගෙන යෑම සඳහා අඩුවක් නොවන පරිදි කාබනික පොහොර වෙනත් රටවල් වලින් ආනයනය කිරීමට කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“මේකෙදි අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕනෙ ගොවියාට කිසිම කරදරයක් වෙන්නෙ නැතුව මේ කාර්යය ඔවුන්ට කරගෙන යන්න. මං හිතන්නෙ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තෙත් හරි විදියට මේ ගොවියාට තමන්ගෙ කන්නය එනකොට පොහොර ටික, ඊට පස්සෙ ඒ දැනුවත් වීම – මොන පොහොරද කොයිවෙලාවෙද පාවිච්චි කරන්නෙ, වල්නාශක වර්ග පාවිච්චි කරන්න දෙන්නෙ නැත්නම් ඒක කොහොමද කරන්නෙ, ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි.

අපි තෝරාගත්තා නම් මොනවද භාවිතා කරන පොහොර ඒ ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ නිෂ්පාදනය කරන්නට පුළුවන් තරම් උත්සාහ ගන්න ගමන් මේ ඉදිරියට එන කන්නයේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපට මේවා වෙන රටකින් ගේන්න පුළුවන්. කොහොමත් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නුවානෙ, දැන් ඒ වෙනුවට අපි කාබනික පොහොරවර්ග ගේන්න ඕනෙ. ඒවා ඕනෙ තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕනෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button