custom_html_banner1
විදෙස් පුවත්

කොවිඩ් වෛරසය පරීක්ෂණාගාරයකින් පිටවූවාද? කෙලින් තීන්දුවක් ගනිමින් ජනපති බයිඩන් CIA එකෙන් වාර්තාවක් ඉල්ලයි !

custom_html_banner1
Spread the love

කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා එරට බුද්ධි අංශ වෙත නියෝග කර තිබෙනවා.

කොවිඩ් වෛරසය වූහාන් නගරයෙන් ආරම්භ වී ලොවපුරා ව්‍යාප්ත වනවිට මෙම වෛරසය මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් බවට විටින් විට සැක පහළ විය. වූහාන් නගරයේ පර්යේෂණාගාරයකින් වෛරසය පිටවන්නට ඇති බවට විවිධ පුද්ගලයන් චෝදනා කළ අතර චීන බළධාරීන් මෙම චෝදනා එකහෙළාම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර ඇමරිකානු බුද්ධි අංශ මගින් නිකුත් කළ වාර්තාවක සඳහන්ව තිබුණේ 2019 වසරේ නොවැම්බර් මාසයේදී වූහාන්හි පිහිටි වෛරස පර්යේෂණාගාරයේ සේවය කරන පුද්ගලයන් 03 දෙනෙකු හදිසියේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවයි. ඒ අනුව, වෛරසය පර්යේෂණාගාරයකින් අහම්බෙන් පිට වූ බවට මතු වූ සැකය යළිත් කරළියට පැමිණ තිබෙනවා.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදුකළ විමර්ශනයකින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙය සත්වයන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූ වෛරසයක් බවයි. කෙසේ නමුත් අදාල විමර්ශනය සඳහා චීන බළධාරීන් පූර්ණ සහයෝගය ලබා නොදුන් අතර අවස්ථා කිහිපයකදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ට වූහාන් වෙත යාමට බාධා සිදු කළේය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සැක පහළ කළ අතර ඒ පිළිබඳව චීනයට දැඩි ලෙස චෝදනා කළේය. ඔහු මුල සිටම මෙම වෛරසය හැඳින්වූයේද ‘චයිනීස් වෛරස්’ ලෙසයි.

මතුව ඇති මෙම තත්වය හමුවේ දින 90 ක් තුළ විධිමත් පරීක්ෂණයක් පවත්වා, වෛරසය පැතිර යාම ආරම්භ වූයේ කෙසෙද යන්න පිළිබඳව වාර්තාවක් සපයන ලෙස ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

Courtesy – LankaNewsWeb 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button