custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ඕනෙම දෙයක් කැමැත්තෙන් ආදරෙන් කරද්දී ආස හිතෙනවා – අජිත් මුතුකුමාරණගෙන් වෙන්වූ කේ සුජීවා

custom_html_banner1
Spread the love

මේ දවස් වල සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහට ලක්වෙන කලාකාරිනියක් තමයි කේ. සුජීවා කියලා කියන්නේ. ඇය ප්‍රසංග වේදිකාවේ ඉතාමත්ම පෙරලියක් සිදු කරපු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ආදරණීය ගීත කෝකිලාවියක්. කළා ලෝකයේ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්ත ඇය ආදරණීය මවක්ද වනවා. ඉතින් පහුගිය දවසක ඇය ඇයගේ අලුත්ම තොරතුරු ගැන මෙන්න මෙහෙමයි කියලා තිබුනේ. මේ දවස් වල ප්‍රසංග පැවෙත් වෙන්නේ නැති නිසා වෙනදාට වඩා කාර්යබහුලත්වය ටිකක් අඩු වෙලා තියනවා. නමුත් මවක් විදිහට නිවසේ කටයුතු දරුවෝ දෙන්නගේ කටයුතු ඉහුම් පිහුම් කටයුතු සියල්ලම මගේ අතින් සිද්ද වෙනවා.

සාමන්‍යයෙන් මම හරිම අඩුවෙන් නිදා ගන්න කෙනෙක්. මොන තරම් නිදි මැරුවත් දවසකට පැය පහකට වඩා මන් නිදා ගන්නේ නැහැ. උදේ අවදි වෙලා ඇඟ සෝදලා උණු පැන් එකක්, ඇල් පැන් එකක්, ගිලන් පසට කිරී වීදුරුවක් එක්ක ට්‍රේ එකකට ලෑස්ති කරලා බුදුන් වදින එක තමයි මගේ පලවෙනි රාජකාරිය. බුද්ධ වන්දනාවෙන් පස්සේ තමයි කුස්සියට ඇවිල්ලා වතුර එකක් බිලා තේ එකක් හරි පලතුරු යුෂ එකක් හරි කොළ කැඳ එකක් හරි හදාගෙන බොන්නේ. මේ පුරුද්ද දැන් අවුරුදු දහයක් තිස්සේ මන් කරනවා.

මම බෟද්ධ කෙනෙක් නෙමෙයි. මන් හින්දු ජාතික කෙනෙක්. නමුත් අවුරුදු දහයකට පෙර සිටම මන් බුදු දහමට වඩාත් නැඹුරු වුණා. දැන් හැමදාම උදේ සවස ගිලන් පස පූජා කරලා වදිනවා. හැම මාසෙකම දවසක් මම උදෑසන හීල් දානය මන්ම හදලා පූජා කරනවා. මේ සියලු දේවල් එක්ක වෙනදාට වඩා සැහැල්ලුවක් නිදහසක් වගේම සතුටක් මගේ ජීවිතේට ලැබුණා කියලා මන් විස්වාස කරනවා. දානෙ දවසට උදේ දානෙ උනාට දවල් දානෙකට වගේ දේවල් මන් හදනවා. පිට්ටු, ඉදි ආප්ප, බත් එක්ක ව්‍යංජන දහයක් දොලහක් විතර මන් හදනවා. උදේ පාන්දර තුනට නැගිටලා වැඩට ඉන්න එක්කෙනත් එකතු කරගෙන පුංචි පුංචි උදව් ටිකක් එයාගෙනුත් අරගෙන මන් කෑම ඉක්මනින් හදනවා. ඕනෑම වැඩක් කැමැත්තෙන් ආදරෙන් කරද්දී ආස හිතෙනවා.

මන් ඉවුවත් තේ එකක් හැදුවත් හදන්නේ හරිම සතුටෙන්. ගෙදර හදන හැමදේම මන් දරුවන්ට උනත් පිළිගන්වන්නේ මගේ අත් දෙකින්මයි. දරුවෝ දෙන්නට උදේට තේ එක හදලා වතුර වීදුරුවක් එක්ක ට්‍රේ එකක තියලයි මන් ඒ දෙන්නට පිළිගන්වන්නේ. මන් හිතන්නේ මේ පුංචි පුංචි දේවල් නිසා මහලොකු දෙයක් බැඳීමක් ගෙවල් ඇතුලේ නිර්මාණය වෙනවා කියලා. මම හිතනවා ගෙදරක ඇතිවීමයි නැතිවීමයි කියන දේ තීරණය වෙන්නේ ගෙදර අම්මාගේ සකසුරුවම් මත කියලා. ඒ නිසා රුපියලක් වියදම් කරත් වටිනාකමක් ලැබෙන විදිහට වියදම් කරන්න අම්මා කෙනෙක් විදිහට හිතන්න ඕනේ. කොන්ඩේ පාට කරලා නියපොතු පාට කරලා ආර්ටිස් කෙනෙක් විදිහට මන් එලියට ගියාට මගේ හදවත තුල ඉන්නේ මහා උත්තරීතර හැඟීමක් තියන අම්මා කෙනෙක්. මම හැමතිස්සෙම උදේ නැගිට්ට වෙලාවේ ඉදලා රෑට නින්දට යනකන්ම හිතන්නේ ඒ උත්තරීතර චරිතය හැමදාම අලුත් විදිහට කරන්නේ කොහොමද කියන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button