custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගිනි ගත් නැව නිසා ACID වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

custom_html_banner1
Spread the love

X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා සිටී.
එහි සභාපතිනී දර්ශනි ලහන්දපුර මහත්මිය News 1st වෙත පැවසුවේ, විද්‍යාත්මක ප්‍රවේශයක් මත පදනම්ව වායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් ඇසිඩ් වැසි ඇති වන බවයි.

එලෙස ඇති වන වායු ධාරාවන් වෙරළබඩ ප්‍රදේශවල සිට රට තුළට ගමන් කළ හැකි බව ත් එමගින් අවට ප්‍රදේශවල ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ත් ඇය සඳහන් කළා ය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂාකාරීව අවධානයෙන් පසුවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව ද එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ, මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙසත් එළිමහනේ ඇති ලෝහයෙන් තැනූ උපකරණ මෙන්ම වාහන ආවරණය කර තැබීමට පියවර ගන්නා ලෙසයි.

Source – News1st

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button