custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

පොල්තෙල්වලින් කොරොනා සුව කළ හැකි බව පිලිපීන මහාචාර්යවරයෙක් සොයගනී

custom_html_banner1
Spread the love
  • දවසට තුන් වරක් කෑමෙන් පසු මේස හැදි දෙක බැගින් ගන්නා ලෙස උපදෙස්
  • මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සඳහා පමණයි

පිරිසිදු පොල්තෙල්( virgin coconut oil) වලින් කොරෝනා ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණ මර්දනය කිරීමට හැකි බව පිළිපීනයේ ඇටනියෝ ඩි මැනිලා විශ්වවිද්‍යාලයේ (Ateneo de Manila University) රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුවන ෆැබින් ඩේරිට්(Fabian Dayrit) පවසනවා.

ඔහු මේ බව කියා ඇත්තේ පසුගිය අප්‍රේල් 16 වැනිදා සී එන් එන් පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

පිලිපීනයේ ඒකාබද්ධ රසයනවේදීන් ගේ සංගමයේ( Integrated chemists of the philiepines ) සභාපති වරයා ලෙසද කටයුතුකරන මහාචාර්ය ඩේරිට් පවසන්නේ පිරිසිදු පොල්තෙල් වල ඇති සංයෝග වලට කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශරීර තුළ ඇති වෛරස් පරිමාව 60% සිට 90% දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ඇති බව තමන් කළ අධ්‍යන වලදී අනාවරණය වූ බවයි.

නමුත් මෙය මේ අයුරින් කළ හැක්කේ වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සඳහා පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම අධ්‍යනයට මූල්‍ය දායකත්වය සැපයූ පිලිපීනයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන පිලිපීන කවුන්සිලය ( The Department of Science and Technology’s Philippine Council for Health Research and Development) පසුගිය 2020 ඔක්තෝබර් මාසයේදී නිවේදනය කළේ මෙම අධ්‍යනයෙන් ඉතා සාර්ථක ප්‍රත්ඵල ලැබී ඇති බවයි.

custom_html_banner1

පිරිසිදු පොල්තෙල් වලට සිරැරේ ප්‍රතිශක්තිකරනය වර්ධනය කිරීමට ඇති හැකියාවත් කොවිඩ් 19ට එරෙහිව නැගී සිටීමට ඇති හැකියාවත් උද්දීපනය කර පෙන්වා දෙන ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ අසාධ්‍ය තත්ත්වයට පත් වන ආසාදිතයන්ට පූර්ව රෝගී ලක්ෂණ තිබෙන රෝගීන්ටත් පිරිසුදු පොල්තෙල් වලින් වන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමටත් පර්යේෂකයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.

සී එන් එන් පුවත් සේවයට අදහස් දක්වමින් මහාචාර්යය ඩේරිට් කියා ඇත්තේ ලෙගුනා (Laguna) හි කොරොනා මධ්‍යස්ථානයක හා සාමාන්‍ය රෝහලක රෝගීන් 57 දෙනකු සහභාගී කරගෙන කළ අධ්‍යනයකදී පිරිසිදු පොල්තෙල් මගින් කොරොනා ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණ මර්දනය කිරීමට හැකි බව වැඩි දුරටත් සනාථ කරගත් බවයි.

එමෙන්ම මෙහිදී පොල්තෙල් භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද පැහැදිලි කරන මහාචාර්යය වරයා පවසන්නේ මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සඳහා දිනකට තුන් වරක් කෑමෙන් පසු පිරිසිදු පොල්තෙල් මේස හැදි 2ක බැගින් ගන්නා ලෙසයි.

දැනෙට පරීක්ෂණ වලින් නිර්දේශ කරන මාත්‍රාව මෙය වුවද මෙම මාත්‍රාවේ ප්‍රමාණය ගැන වැඩිදුරටත් පර්යේෂණ කරන බවද ඔහු පවසා ඇත.

Source : www.aruna.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button