custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

X-Press Pearl නැව ගිනි ගැනීම නිසා සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර බලපෑම්

custom_html_banner1
Spread the love

MV X-Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් අම්ල වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, නෞකාව දින ගණනක් ගිනි ගන්නා බැවින් අදාළ නෞකාවේ තිබූ රසායන ද්‍රව්‍ය වායු ගෝලයට එකතුවීම නිසා එමගින් වැස්සේ ආම්ලිකතාව ඉහළ යා හැකි බව ය.

තව ද නෞකාවේ තිබූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් වාතයේ සංයුතියේ යම් වෙනස්කම් සිදුවීමේ හැකියාවක් ද ඇති බැවින් ඒ හරහා සෞඛ්‍ය බලපෑමක් ඇතිවීමේ අවදානමක් ද තිබෙන බව ඔහු පැහැදිලි කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එලෙස ම ජලය දූෂණය වීමේ අවදානමක් ද මෙමගින් ඇති විය හැකි බව ය.

තමීනා රාසික්
Source – Mawbima.lk

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button