custom_html_banner1
දේශීය පුවත්

දින 10කට පසු නැවතත් දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2400න් පහළට

custom_html_banner1
Spread the love

ඊයේ (26) දිනයේදී මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2377ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 2325 දෙනෙකු සහ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 52 දෙනෙකු වශයෙනි.

මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 2400 මට්ටමෙන් පහළට පැමිණියේ දින 10කට පසුවය.

මේත් සමග ප්‍රතිකාර ලබන හෝ ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 28601ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 172,277ක් දක්වා ඉහළ ගොස් ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button